Monday 21 October 2013

නිට්ටඹුවේ අසිරිය ..

ටවුන් එකට ගිහින් ආවේ දැන් අයිසේ
ජන්ශන් ඒකක් තියනෙවා පට්ටයි අයිසේ
ලස්සන කෑලි දිව රෑ හන්දියේ ගැවසේ
නිට්ටඹුවේ ඇති අසිරිය කියමි මෙසේ

සිසිවන් උවන ටින්ටඩ් කල කෙහෙරැල්ල
ජැස්මින් පර්ෆියුම් ලිප්ස්  ටික් ගෑ දෙතොල
නිහාල් සුපර් එක තුල සිටිනා අඟන
අම්මප බදිනවා හිතුනොත් අද හෙටම

කලර් ලයිට් එක ලග ඇත තව කඩයක්
අපි එහේ යන්නේ ගහන්නම  හිතුනම අඩියක්
පොලීසියෙන් පනිනා එක  හරි කෙලියක්
මම නම් යන්නේ නෑ ඕකට වැඩි හරියක්

කොටට පලපු ඒවා ඇඳ කෙල්ලො යතී
තදට හිරට ඇඳපු අයත් බෝම වෙතී
අනේ ඉතින් කොල්ලන්ටත් මාර ගතී
බෙල්ලේ අමාරුව හැදුනොත් පුදුම නැතී

නුවරට ලග නිසා ලස්සන කෙල්ලන් ඇත්තේ
ලස්සන කෑලි දිව රෑ හන්දියේ ඇත්තේ
එක එක සයිස් නෙක නෙක පැහැ අය ඇත්තේ
දෙවියනි කිමද මට තව කෙල්ලෙක් නැත්තේ

කඩයක තියේ එකොලහ වෙනකම් කොත්තු
ඒකේ උන්න අක්කා මගෙ  හිත ගත්තු
දෙන්නම හිතෙනවා ඒ අක්කට තොත්තු
පස්සේ හිතෙනවා ඇයි දෙන්නේ තොත්තු

පාර දෙපැත්තේ හැම තැන බත් කඩය
අතරින් පතර ඇති කොමියුනි කේෂන්ය
සැලූන් හතකි ඉන් හතරක් ලේඩිස්ය
හන්දියේ කඩ වලට මාරම බිස්නස්ය

ලංකාවට එකයි මේ හන්දිය සොඳුරූ
බැලු බැලු හැමතැනකම අදුරන මිතුරූ
වරක් ඇවිත් බැලුවොත් යාවිද කවුරූ
නිට්ටඹුවේ ඇති මේ මහරූ.....