Sunday 1 June 2014

නඩත්තු කළමණා කරණය - 03

නඩත්තු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය | FUNCTIONS OF A MAINTENANCE DEPARTMENT |

ඔයාල දන්නවනෙ ඕනම ආයතනයක වැඩ කටයුතු විවිධ දෙපාර්තමේන්තු යටතට බෙදල තියනව කියල. ඒවගෙන් නඩත්තු දෙපාර්තමේන්තුව ගැන තමයි කතා කරන්න යන්නෙ. වචනෙන්ම තේරෙනවනෙ මේකෙන් මොකද්ද කරන්නෙ කියල. කැඩිච්ච බිඳිච්ච ඒවා හදන එක විතරක් නෙවෙයි තව වැඩ ගොඩක් මේකෙන් කරනව. 

එහෙනම් බලමු මොනවද නඩත්තු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වැඩ කියල.

1. ස්ථාපනය කරන ලද සියලුම උපකරණ සහ පහසුකම් නඩත්තු කිරීම. (Maintenance of installed equipment and facilities) - උපකරණ කියන එකනම් දන්නවනෙ . පහසුකම් කියන්නෙ ක්‍රීඩාගාර , නිදන කාමර , කාර්යාල,ආපන ශාලා වගේ ඒවට.

2. නව උපකරණ සහ පහසුකම් ස්ථාපනය කිරීම. (Installations of new equipment and facilities)

3. නිවාරක / චක්‍රානුකූල නඩත්තු - උපකරණ පරීක්ෂා කිරීම සහ ස්නේහනය කිරීම ආදිය.

4. තත්වානුකූල නඩත්තු - දෝෂ සහ බිඳවැටීම් නිසි ශිල්ප ක්‍රම භාවිතයෙන් හඳුනාගෙන අදාල නඩත්තු සිදු කිරීම.

5. ස්ථාපිත උපකරණ හෝ පහසුකම්වල අවශ්‍ය නව වෙනස්කම් සිදු කිරීම.(Modifications of already installed equipment and facilities)

6. භාණ්ඩ ලේඛන කළමනා කරණය. - මෙහිදී අමතර කොටස් , උපකරණ ,මෙවලම් යන සියළු දේ සම්බන්ධව අදාල ලේඛන පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.

7. වැඩකරුවන් අදීක්ෂණය  - මෙමගින් අදහස් වන්නේ නඩත්තු දෙපාර්තමේන්තුවට  අදාල අයගේ කාර්යයන් සම්බන්ධයෙන් අදීක්ෂණය පමණි.

8. වාර්තා තබා ගැනීම - නඩත්තු කල උපකරණ සම්බන්දව වාර්තා , යොදාගත් අමතර කොටස් ,සිදුකල අලුත් වැඩියාව , එය සිදුකල අයගේ සටහන් යනාදී සියල්ල මීට අදාල වේ .