Friday, 20 May 2016

ගින්නක් නිවන්න fire hose reel එකක් භාවිතා ක‍රන්න

කාලෙකට පස්සෙ අලුත් POST එකක් දාන්න හිතුන. ගින්නක් ඇතිවුනොත් මොකද කරන්නෙ? ගෙදරදිනම් වතුර බාල්දියකින් වතුර දානවා . එත් හොඳින් ආරක්ෂාව ගැන හිතන ආයතනවල විශේෂ උපකරණ මේ සඳහා පිහිටුවා තිබෙනවා. ඒවගෙන් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?
ලින්ක් එක දිගේ ගිහින් බලන්න. 

Sunday, 1 June 2014

නඩත්තු කළමණා කරණය - 03

| නඩත්තු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය | FUNCTIONS OF A MAINTENANCE DEPARTMENT |

ඔයාල දන්නවනෙ ඕනම ආයතනයක වැඩ කටයුතු විවිධ දෙපාර්තමේන්තු යටතට බෙදල තියනව කියල. ඒවගෙන් නඩත්තු දෙපාර්තමේන්තුව ගැන තමයි කතා කරන්න යන්නෙ. වචනෙන්ම තේරෙනවනෙ මේකෙන් මොකද්ද කරන්නෙ කියල. කැඩිච්ච බිඳිච්ච ඒවා හදන එක විතරක් නෙවෙයි තව වැඩ ගොඩක් මේකෙන් කරනව. 

එහෙනම් බලමු මොනවද නඩත්තු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වැඩ කියල.

1. ස්ථාපනය කරන ලද සියලුම උපකරණ සහ පහසුකම් නඩත්තු කිරීම. (Maintenance of installed equipment and facilities) - උපකරණ කියන එකනම් දන්නවනෙ . පහසුකම් කියන්නෙ ක්‍රීඩාගාර , නිදන කාමර , කාර්යාල,ආපන ශාලා වගේ ඒවට.

2. නව උපකරණ සහ පහසුකම් ස්ථාපනය කිරීම. (Installations of new equipment and facilities)

3. නිවාරක / චක්‍රානුකූල නඩත්තු - උපකරණ පරීක්ෂා කිරීම සහ ස්නේහනය කිරීම ආදිය.

4. තත්වානුකූල නඩත්තු - දෝෂ සහ බිඳවැටීම් නිසි ශිල්ප ක්‍රම භාවිතයෙන් හඳුනාගෙන අදාල නඩත්තු සිදු කිරීම.

5. ස්ථාපිත උපකරණ හෝ පහසුකම්වල අවශ්‍ය නව වෙනස්කම් සිදු කිරීම.(Modifications of already installed equipment and facilities)

6. භාණ්ඩ ලේඛන කළමනා කරණය. - මෙහිදී අමතර කොටස් , උපකරණ ,මෙවලම් යන සියළු දේ සම්බන්ධව අදාල ලේඛන පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.

7. වැඩකරුවන් අදීක්ෂණය  - මෙමගින් අදහස් වන්නේ නඩත්තු දෙපාර්තමේන්තුවට  අදාල අයගේ කාර්යයන් සම්බන්ධයෙන් අදීක්ෂණය පමණි.

8. වාර්තා තබා ගැනීම - නඩත්තු කල උපකරණ සම්බන්දව වාර්තා , යොදාගත් අමතර කොටස් ,සිදුකල අලුත් වැඩියාව , එය සිදුකල අයගේ සටහන් යනාදී සියල්ල මීට අදාල වේ .
 
Saturday, 31 May 2014

නඩත්තු කළමණා කරණය - 02

| නඩත්තු ක්‍රමෝපායන් | MAINTENANCE STRATEGIES |

නඩත්තු ක්‍රමෝපායක් යනු ක්‍රමවත් නඩත්තු කිරීමේ පටිපාටියයි.පොදුවේ භාවිතා කරන මෙවැනි නඩත්තු කිරීමේ පටිපාටි පහත දැක්වේ.

බිඳ වැටීම් / සැලසුම් නොකළ නඩත්තු. 
(  Breakdown Maintenance or Operate to Failure or Unplanned Maintenance )
මෙහිදී යම් යන්ත්‍රයක් බිඳවැටෙන තෙක්ම ක්‍රියාකිරීමට ඉඩ හරින අතර  බිඳවැටීමෙන් පසු අලුත් වැඩියා කර නැවත මෙහෙයුම් සඳහා යොදාගනු ලැබේ.මෙම ක්‍රමෝපාය සුදුසු වන්නේ එතරම් වැදගත්කමක් නොමැති බිඳ වැටුනහොත් බරපතල ගැටළුවක් නොවන හෝ අමතර යන්ත්‍ර ඇති ( Spare machine) යාන්ත්‍රණ පද්ධති සඳහාය.එසේම යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකදී සිදුකරනු ලබන අළුත් වැඩියාවන් ද මේ ගනයට අයත් වේ .

නිවාරක / චක්‍රානුකූල නඩත්තු. 
( Preventive or Scheduled Maintenance )
මෙහිදී නියමිත කාල ප්‍රාන්තර තුලදී යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීම,අවශ්‍ය කොටස් ස්නේහනය(lubrication) ,පිරිසිදු කිරීම ,සීරු මාරු කිරීම (adjustment) සහ ගෙවීගිය කොටස් වෙනුවට නව කොටස් සවිකිරීම සිදුකරනු ලබයි. මේ ආකාරයෙන් සිදු කරන නඩත්තු වලින් යන්ත්‍ර වල දිගුකල් පැවැත්ම ,හදිසි බිඳ වැටීම් අවම කිරීම ,අනතුරු අවම කිරීම අපේක්ෂා කෙරේ.

කලින් සැලසුම් කරන ලද හෝ තත්වානුකූල නඩත්තු. 
( Predictive or Condition Based Maintenance )
ඉතා ඉහල වැදගත්කමකින් යුතු බිඳ වැටීම් වලට ඉඩදිය නොහැකි පද්දති සඳහා මෙම ක්‍රමෝපාය අනුගමනය කරයි. බොහෝවිට මෙවැනි නඩත්තු සිදුකරන්නේ තත්ව පරීක්ෂාවකින් අනතුරුවයි, මෙහිදී කම්පන මට්ටම(vibration), උෂ්ණත්වය, ස්නේහන තෙල් විශ්ලේෂණ(oil analysis) සහ තවත්  අමතර කාරණා සැලකිල්ලට ගනු ලැබේ. මෙවැනි නඩත්තු සැලසුම් කිරීමට පෙර යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ගෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරී මට්ටම ගැන අවබෝධයක් ද ලබාගත හැකිය.

අවස්ථාවක් ලද විට සිදුකරන නඩත්තු.
(Opportunity Maintenance)
යම් යන්ත්‍රයක් වෙනත් කටයුත්තක් සඳහා ක්‍රියා විරහිත කල අවස්ථාවකදී සිදුකරන
නඩත්තු මෙලෙස හැඳින්වේ.

සැලසුම් නිවැරදි කිරීමේ නඩත්තු.
( Design out Maintenance)
මෙය ඉලක්ක ගත වන්නේ බිඳවැටීම් අවම කිරීමට සහ සැලසුමේ යම් දෝෂයක් ඇත්නම් එය නිවැරදි කිරීමටය. සැලසුමේ ඇති දෝෂ නිවැරදි කිරීමෙන් නඩත්තු වියදම් අවම කර ගැනීම මෙහි තවත් අරමුණකි.

Tuesday, 27 May 2014

නඩත්තු කළමණා කරණය.

හැඳින්වීම 

''නඩත්තු'' යන වදනෙන් විග්‍රහ වන්නේ යන්ත්‍රසුත්‍ර මෙහෙයුම් තත්වයේ පවත්වාගෙන යාම හෝ මෙහෙයුම් තත්වයට ගෙන ඒම සඳහා අදාල අළුත් වැඩියාවන් සිදුකිරීමයි. නඩත්තු කෙරීමෙහි මුලික පරමාර්ථය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යන්ත්‍ර වල උපයෝගී තාවය (availability) ඉහල නැංවීම, ආරක්ෂාව තහවුරු කිරීම සහ වියදම අවම කිරීමයි.
කාර්මික විප්ලවය ඇරඹීමත් සමගම කර්මාන්ත ශාලා විශාල වශයෙන් බිහිවිය, එසේම එම කර්මාන්ත ශාලා තුල බහුල වශයෙන් කාර්මික යන්ත්‍ර භාවිතයට ගන්නා ලදී. මෙසේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යන්ත්‍ර යොදා ගැනීමේදී ඒවා නඩත්තු කිරීමට අලුත් වැඩියා කිරීමට සිදු වූ අතර එවන් අවස්ථා වලදී නිශ්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය පහත වැටින. මෙම තත්වය මග හරවා නිෂ්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය එලෙසම පවත්වාගෙන යාම පිළිබඳව කතිකාවතක් ඇතිවූ අතර එහි ප්‍රථිපලයක් ලෙස නඩත්තු කළමණා කරණය යන විෂය කරලියට පැමිණෙන ලදී. 

නඩත්තු කළමණා කරණය විශාල විෂය පථයක් වන අතර මෙහිදී ගෙන ඒමට බලා  පොරොත්තු වන්නේ වැදගත් කාරනා කිහිපයක් පමණි.

1. නඩත්තු ක්‍රමෝපායන්.
2. නඩත්තු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය.
3. නඩත්තු සංවිධානය.
4. නඩත්තු කළමණා කරණයේ මුලිකාංග.

ඉහත දැක්වෙන කරුණු සම්බන්දයෙන් වෙන් වෙන්ව ඉදිරි Post වලින් සලකා බලමු .....

Saturday, 24 May 2014

ආදරණීය දුවේ, පුතේ...

මම වයසට ගිය දවසක මම ගැන කාරුණික වෙන්න, මාව තේරුම් ගන්න උත්සාහ කරන්න.

මම කෑම කනකොට අපිරිපිදු උනොත්, මට ඇඳුම් අඳින්න අමාරු උනොත් මට කාරුණික වෙන්න, ඔයාට මතකද ඒ දවස්වල ඔයා පොඩිකාලෙ මම කොච්චර වෙලා ගතකලාද කියල ඔයාට මේ දේවල් කියල දෙන්න ?

මම එකම දේ කියනවනම් මට බදා කරන්න එපා, අහන් ඉන්න . ඔයා පොඩිකාලෙ ඔයා එකම කතාව හැමදාම කියවන්න ඇහුව ඔයාට නින්ද යනකන්ම, මම ඒක කලේ ගොඩක් ආසාවෙන්.

මම නිතර ඇඟ හෝදන්නෙ නැත්නම් තරවටු කරන්න එපා, ඒක ලැජ්ජාවක් කියන්න එපා.මතකද ඔයා කොච්චර දේවල් මට කිව්වද ඇඟ හෝදන්න බෑ කියල ?

මට අළුත් තාක්ෂණික දේවල් තේරුම් ගන්න අමාරු උනාම මට හිනාවෙන්න එපා. තේරුම් ගන්න කාලය දෙන්න. මට හෙමීට කියල දෙන්න , ඔයා වගේ නෙවෙයි , මම දැන් වයසයි.

මට සමහර වෙලාවට පරණ දේවල් අමතක උනොත් හරි කතාකරන ඒව අමතක උනොත් හරි මට වෙලාව දෙන්න, ආපහු ඒවා මතක් කරගන්න. මාත් එක්ක අමනාප වෙන්න එපා. කේන්ති ගන්න එපා මොකද මට ගොඩක්ම වටින්නෙ ඔයා එක්ක කතා කරන එක.

මම කන්න බෑ කිව්වොත් බල කරන්න එපා, මම හොඳින් දන්නව මට බඩගිනිද නැද්ද කියල.

මගේ වියපත් වූ දෙපා ඉස්සර වගේ මට ඇවිදින්න උදව් නොකරද්දි මට උදව් කරන්න; මම ඔයාගෙ අත් අල්ලන් ඔයාට පලවෙනි පියවර තියන්න උදව් කරපු විදියටම.

එක දවසක මම කියාවි මට තවත් ජීවත් වෙන්න ඕන නෑ කියල.ඒ මට ජීවත් උනා ඇති නිසා.තරහ ගන්න එපා මාත් එක්ක. මොකද යම් දවසක ඔයාටත් තේරේවි.

ඔයාට දුක් වෙන්න දෙයක් නෑ. ඔයා මගේ ලඟින් ඉන්න, මම ජීවත් උනේ මොකටද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

මට ඇවිදින්න උදව් වෙන්න, මට ආදරයෙන් සැනසිල්ලෙ ජීවිතය අවසාන කරන්න උදව් වෙන්න. මට ඔයාගෙන් ඕන එකම දේ සිනහව සහ ආදරය විතරයි.

මම ඔයාට ගොඩක් ආදරෙයි... මගේ පුතේ , දුවේ
                                                                           ඔයාගේ තාත්ත , අම්ම ..

Thursday, 22 May 2014

පොදු ආරක්ෂක නීති.

කර්මාන්තශාලා තුල වැඩ කිරීමේදී පොදුවේ අනුගමනය කල යුතු නීති රීති පහත සදහන් පරිදි වේ. ලංකාව තුල මේ සම්බන්ධයෙන් එතරම් අවදානයක් යොමු නොකලද මේ පිළිබදව දැන සිටීම වැදගත් වන අතර ඔබ ආයතනයෙහිද මෙම කරනා සම්බන්දයෙන් අවධානය යොමුකරන්නේනම් සේවකයන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. 

1. නිර්දේශ අනුව සම්මත ඇඳුම්/උපකරණ භාවිතය.
2. විධිමත් ක්‍රම අනුව බර ඉසිලීම.
3. උපදෙස් සං පුවරු ගැන සෑමවිටම සැලකිලිමත් වීම.
4. මිනිසුන්,උපකරණ ,දේපල ,ද්‍රව්‍ය, ගොඩනැගිලි අවදානමට ලක් කෙරෙන කිසියම් තත්වයක් හෝ ක්‍රියාවක්       ඔබගේ ඉහල නිලදාරියට දැන්වීම.
5. විදුලි උපකරණ සහ circuit breaker සම්බන්ධව කටයුතු කල යුත්තේ අවසර ලත් අය පමණි.
6. අවදානම් හෝ LOCK OUT ලේබල නොගැලවීම,ආරක්ෂක උපකරණ හෝ උපක්‍රම ඉවත් නොකිරීම             උපකරණ/යන්ත්‍ර නඩත්තුවට හෝ අලුත්වැඩියාවට පෙර නවතා තැබීම.
7. භාවිතයට ගත නොහැකි හෝ අබලන් උපකරණ සම්බන්දව කළමණා කරනය දැනුවත් කිරීම.
8. සම්පීඩිත වායු, තමාගේ ශරීරයට හෝ අන් අයෙකුගේ ශරීරයට එල්ල නොකෙරිය යුතුය.
9. යන්ත්‍ර ක්‍රියාකරවන්නා යන්ත්‍රය වෙත රැදිය යුතුය එසේම ක්‍රියාකරවන්නාගේ අවදානයට බාධා නොකෙරිය     යුතුය.
10. කර්මාන්ත ශාලාව තුල විහිළු ක්‍රියා කිරීම සපුරා තහනම් වේ.
11. ඔබගේ උපකරණ ආරක්ෂාව සඳහා නිතරම පරීක්ෂා කල යුතුය.
12. ගිනිගන්නා සුළු ද්‍රාවන සහ ඇසිඩ් ද්‍රාවන ආරක්ෂක බඳුන්වලට දමා ලේබල් ගැසිය යුතුය.
13. භාණ්ඩ අසුරා ඇති ස්ථාන පිරිසිදුව තැබිය යුතුය, එසේම කර්මාන්ත ශාලාව පිරිසිදුව තබා ගැනීමට වගබලා      ගන්න.
14. උස් ස්ථානවල භාණ්ඩ ගබඩා කර ඇත්නම් එවැනි ස්ථාන වලින් ඈත්ව සිටින්න.

Wednesday, 21 May 2014

Zeto Rule - 10

රියපදවන අතරතුර ජංගම දුරකථන හෝ වෝකිටෝකි යන්ත්‍ර භාවිතා නොකිරීම,ආසන පටි පැළඳීම සහ වේග සීමා  අනුගමණය කිරීම.
Do not use your mobile phone/walkie-talkie while driving, follow the speed limit and use your seat belt. 

දැන්නම් වාහන පදවනකොට seat belt දාගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පොලිසියෙන් අල්ලන නිසා වාහනේට නැග්ග ගමන් දාගන්නව නේද ? කොහොම හරි කමක් නෑ මේක ආරක්ෂාව සම්බන්දයෙන් ඉතාමත් වැදගත් කාරණයක්. seat belt එකෙන් අනතුරක් වලක්වා ගන්න හැකියාව නැති උනාට අනතුරක් සිදු උනොත් වෙන හානිය අවම කරගන්න පුළුවන්.

ඒ වගේම වාහන පදවද්දි දුරකථන භාවිතා කරන්න යන්න එපා. මොකද ඔබගේ අවදානය වෙන අතකට යොමුවීමෙන් අනතුරක් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ අවදානයෙන් හිටියෙ නැති උනාම ප්‍රතික්‍රියා කාලය වැඩි වෙන නිසා. ප්‍රතික්‍රියා කාලය කියන්නේ යමක් ඇසින් දැකල ඒ සදහා ප්‍රතිචාරයක් දක්වන්න ගතවන කාලය. වාහනේ පදවන ගමන් ඔබ වෙන වැඩක්‌  කරනවානම් මේ සදහා ගතවන කාලය වැඩියි. ඒ කියන්නේ අනතුරක් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.

පාරෙ යද්දී වේගසීමා දැකල ඇතිනෙ . මේවා දාල තියෙන්නෙ අපි වාහනේ වේගෙන් යනවට තියන තරහට නෙවෙයි. අපේම ආරක්ෂාවට. වාහන තදබදය, පාරේ ස්වභාවය, වෙනත් පරිසර සාධක සලකල බලල තමයි මේ වේගසීමා පනවල තියෙන්නේ. මෙමෙ සීමාවන් අනුගමනය කරනවානම් ඔබේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.

Tuesday, 20 May 2014

Zeto Rule - 09

දුම්පානය කිරීමට වෙන් කරන ලද ස්ථානවල පමණක් දුම් පානය කිරීම සහ අවසරයකින් තොරව ජ්වලන ප්‍රභව සැකසුම් ප්‍රදේශ වලට රැගෙන නොඒම.
Do not smoke outside designated areas or bring potential ignition sources into process areas without authorization.

ඉස්සෙල්ලම කියන්න ඕන මේ නීතිය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන පිරිපහදු වල, ඉන්ධන කැනීම් කරන ස්ථානවල එසේම ඉන්ධන ගබඩා වලය.
මෙම ස්ථාන අවට වාෂ්පශීලී ගිනිගන්නා සුළු සංයෝග තිබිය හැකි බැවින් මෙම නීතිය පනවා ඇත.

මෙවන් ස්ථානවල වැඩ කිරීමට කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

1. Hot Work එකක් පටන් ගැනීමට ප්‍රථමයෙන් gas test එකක් කිරීම සහ HOT WORK PERMIT එකක් ලබා ගැනීම .
2. එන්ජිමක් මගින් ක්‍රියාත්මක වන උපකරණ හෝ වෙනත් ජ්වලන ප්‍රබහව භාවිතා කිරීමට පෙර ද Hot work permit එකක් ලබා ගැනීම.

Sunday, 18 May 2014

භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.

වෙනත් ග්‍රහලෝකයක පදිංචියට

 වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන ගවේශකයින් ආහාර සපයගන්නේ කෙසේද?

හවායි දූපතේ පිහිටි නාසා ආයතනයේ HI-SEAS පර්යේෂණාගාරය

ඉදිරි අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයක (උදා: අඟහරු ) පදිංචියට යන පෘථිවි වාසීන් කෑම සපයාගන්නේ කෙසේදැයි යන පැනය විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ රාශියකට උදෘතය වී තිබෙනවා. දැනට නිර්මාණය කොට ඇති  විසඳුම්වලට අනුව වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන්නවුන් මුලින්ම හයිඩ්‍රොෆොනික් ක්‍රමයට වගාකිරීම සිදුකරනු ඇති. හයිඩ්‍රොෆොනික් ක්‍රමය යටතේ පැල පසෙහි සිටුවීමක් සිදු නොවන අතර ඒවා ආධාරක මත රඳවා විශේෂයෙන් සකසන ලද පෝශක ද්‍රාවණයක මුල් ඇදෙන්නට සලස්වනවා. බොහෝ බෝග වර්ග මෙලෙස සාර්ථකව වගාකල හැකිබව පර්යේෂණ වලදී පෙනීගොස් තිබෙනවා.

වෙනත් ග්‍රහලෝකයකදී ආහාර සපයාගැනීම පිලිබඳව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජීන් හන්ටර් පවසන ආකාරයට මුලින්ම ඉක්මණින් වැවෙන සලාද කොලවර්ග, කැරට්, බීට්, කොළ ගෝවා, තක්කාලි, පිපිඤ්ඤා වැනි ආහාරවර්ග මුලින්ම වගාකිරීම ආරම්භ කල යුතුයි. ඒ, එවැනි එළවළු වර්ග ඉක්මණින් වැඩී පලදාව ලබාදෙන බැවින් හා එතරම් අපහසුවකින් තොරව කුඩා ඉඩ ප්‍රමාණවල වගාකරගත හැකි බැවිනුයි. දෙවැනි පියවර ලෙස කාබෝහයිඩ්‍රේට සපයන අල, බතල හා තිරිඟු, ඉරිඟු හා ගොයම් වගාකිරීම ආරම්භ කල හැකියි. ප්‍රෝටීන බෝග (මාංශ බෝග ) වගාකිරීම තෙවන පියවර වනවා. කෙසේවෙතත් බොහෝ කාළයක් යනතුරු වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවාගන්නා පෘථිවි වැසියන්ට ශාකමය ආහාරවේලකින් (vegetarian) යැපෙන්නට සිදුවනු ඇති. ඒ වෙනත් ග්‍රහලෝකයක සත්වපාලන සිදුකිරීම පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ ඉතා අවමයෙන් නිසා.

කේසේ වේතත් කොළණි වැසියනටට සත්ව ප්‍රෝටීන ලබාගැනීම සඳහා ප්‍රෝටීන අධික කෘමිසතුන් ඇතිකිරීමේ හැකියාව තිබෙන බව ඔවුන් පවසනවා. එපමණක් නොව, මෙලෙස කුඩා ඉඩ ප්‍රමාණවල බෝග වගාව ඉතා අකාර්යක්ශම අධික ශ්‍රමයක් වැයවෙන කටයුත්තක් බව පවසන මහාචාර්ය හන්ටර් කොළණි වැසියනට සිය දෛනික කාලයෙන් විශාල ප්‍රමාණයක් ආහාර නිපදවාගැනීම සඳහා වැය කරන්නට සිදුවිය හැකිබවට අණතුරු අඟවනවා. කොතරම් සාර්ථක ලෙස වගාකටයුතු සිදුකල හැකිවූවත් අඟහරු වැනි ග්‍රහයෙකු මතට ගොඩබසින ගවේශකයින් මාස 6 සිට වසරක පමණ කාළයකට සෑහෙන ආහාර රැගෙන යායුතු වනවා. නැත හොත් කලින් කලට පෘථිවියෙන් එවිය යුතු වනවා. ඒ අවශ්‍ය ගොඩනැගිලි නිර්මාණය කරගෙන වගාව ආරම්භ කිරීමට කල් ගතවන බැවිනුයි.

මේ පිලිබඳව වැඩිදුර හැදෑරීම සඳහා අපූරු පර්යේෂණයක් නාසා ආයතනය මගින් හවායි දූපතේ පිහිටවූ පර්යේෂණාගාරයක සිදුකරනු ලැබුවා. Hawaii Space Exploration Analog and Simulation (HI-SEAS) ලෙස හඳුන්වන ලද මෙය සීල් තැබූ පර්යේෂණාගාරයක්. අමෙරිකාවට අයත් හවායි දූපත් සමූහයේ විශාලතම දිවයිනේ පිහිටා ඇති මව්නා-ලෝවා ගිණිකන්දේ බෑවුමක, මුහුදු මට්ටමේ සිට අඩි 8000ක් ඉහලින් මෙම පර්යේෂණාගාරය පිහිටුවා තිබේ. මෙම ප්‍රදේශයේ භූවිශමතා අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන භූමි ස්වභාවයට යම් අන්දමකින් සමානවීම, මෙම ස්ථානය තෝරාගැනීමට හේතුව බව නාසා ආයතනය පවසනවා.

මෙය තුල පර්යේෂකයින් 8 දෙනෙකු දින 120ක්, බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොරව ජීවත් වුනා. ඔවුන් සඳහා පෙර පිසින ලද පැකට් ආහාර මෙන්ම බීජ හා හයිඩ්‍රොෆොනික් ලෙස ආහාර වගාකරගත හැකි පහසුකම් ලබාදී තිබුනා. පසුගිය 2013 අගෝස්තුවේ අවසන් වුනු මෙම පර්යේශණයේදී අනාගත වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවා ගන්නා මිනිස් ගවේෂකයින් හට උපකාරවිය හැකි දත්ත රාශියක් එක් රැස් කරගත් බව නාසා ආයතනය පවසනවා.

ආහාර වගාකිරීම, පිසීම, ඒවායේ පෝෂ්‍යගුණය, දීර්ඝ කාලීනව මෙලෙස වගාකල ආහාර මත යැපීමෙන් ශරීර සෞඛ්‍යට වන බලපෑම මෙන්ම වෙනත් ග්‍රහලෝකයක පිහිටුවාගත් ජනාවාසවල වැසිකිලි-කැසිකිලි නිර්මාණය කලයුත්තේ කෙසේද, කසළ හා මළද්‍රව්‍ය බැහැර කරන්නේ කෙසේද, ජලය සපයාගන්නේ කෙසේද යනාදී විද්‍යාත්ම ගැටලු රාශියක් මෙහිදී අධ්‍යයනය කරමින් තිබෙනවා. මෙම පර්යේෂණයේ ප්‍රථිපල තවමත් සකසා අවසන්වී නෑ. පර්යේෂකයින් 6දෙනෙකු සහිතව මෙහි දෙවැනි අදියර (HI-SEAS 2)  2014 මාර්තු 24 වැනිදා ඇරඹුනු අතර ඔවුන් දින 120ක් මෙහි ගත කරමින් පර්යේෂණ කටයුතුවල යෙදෙනු ඇත.

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි

 මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!

ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු  Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.

මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.

හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.

මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.

මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!

ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..

Saturday, 17 May 2014

Zeto Rule - 08

Do not position yourself under suspended load.
එල්ලා ඇති භාරයක් පහල සිටීමෙන් වැළකීම.

යන්ත්‍රානුසාරයෙන් බර ඉසිලීමෙදී (දොඹකර ) එල්ලා ඇති භාරයන් පහල හෝ සමීපයෙහි නොසිටිය යුතුය. යම් හෙයකින් කාර්මික දෝෂයක් හෝ බිඳවැටීමකින් ඇතිවිය හැකි අනතුරු මේ මගින් වලක්වා ගත හැක.

බර ඉසිලීමට ප්‍රථම මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.

1. සියළුම බර ඉසිලීමේ උපකරණ/යන්ත්‍ර පරීක්ෂාකර  සහතික කර තිබීම.
2. PTW සහ බර ඉසිලීමේ සහතිකය (Lifting certificate) ලබාගෙන තිබීම.
3. යන්ත්‍ර ක්‍රියාකරු , signal Man, බර ඉසිලීමට යොදා ගන්නා පටි,කප්පි ,කේබල් , අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් සහ සහතික කර තිබීම.
4. බර ඉසිලීමට පෙර ඉසිලුම් සැලසුමක් සකස්කිරීම.
5. බර උසුලන ප්‍රදේශය අන් අයට ඇතුළු වීමට නොහැකි වන පරිදි බාදක යෙදීම (Barricaded).

Friday, 16 May 2014

Zeto Rule - 07

Obtain Authorization before excavation or entering a trench
අගලක් හෝ කානුවක් කැපීමට ප්‍රථම අනුමැතිය ලබා ගැනීම.

විශේෂයෙන්ම වැඩබිම් වලදී කැනීම් කිරීමට ප්‍රථමයෙන් අවසර ලබාගත යුත්තේ භූගත විදුලිරැහැන් සන්නිවේදනය සදහා භාවිතා කරන fiber optics, එසේම ජලනල භූගතව තිබිය හැකි බැවිනි. එසේම ඉතා ගැඹුරට කානු කැපීමේදී V හැඩයට කැපිය යුතු වන අතර ඉවත්කරන පස් අවම වශයෙන් අඩි දෙකක් පමණ දුරින් ඉවත් කල යුතුය.

ඔබට කැණීමක් කිරීමට අවැසි නම් ප්‍රථමයෙන්ම වැඩබිම් ඉංජිනේරුවරයාට දන්වා බිම් සැකැස්ම පරීක්ෂාකර පසුව PTW එකක් ලබා ගත යුතුය. 

එසේම කානුවකට ඇතුළුවීමට ප්‍රථම අවසර ලබා ගත යුතුය. මන්ද ඉතා ගැඹුරු කානුවක් නම් විෂවායු වැනි අවදානම් තිබිය හැක.විශේෂයෙන්ම යකඩ නිෂ්පාදනය කරනුලබන කර්මාන්ත ශාලා තුල මෙය ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ උණු වූ යකඩ ගමන් කරන්නේ කානු තුලින් බැවින් යම් අයෙකු අවසර නොමැතිව එයට ඇතුළු උවහොත් අත්වන ඉරණම ඉතා කනගාටු දායක බැවිණි.

Friday, 9 May 2014

Zeto Rule - 06

Use the correct personal protective equipment (PPE) when handling hazardous chemicals. 
අනතුරුදායක රසායනද්‍රව්‍ය භාවිතයේදී පුද්ගල ආරක්ෂණ උපකරණ පැළඳීම.

මොනවද මේ PPE? වැඩබිමක හෝ කර්මාන්ත ශාලාවක වැඩ කිරීමේදී පුද්ගල ආරක්ෂාව සලකා පළඳිනු ලබන ආරක්ෂක උපකරණ මේ නමින් හැදින්වේ. මේ මගින් අනතුරක් සිදු උවහොත් වියහැකි හානිය වලක්වා ගැනීම හෝ හානිය අවම කර ගැනීම අපේක්ෂා කෙරේ.
උදාහරණ : අත්වැසුම්,පාවහන්, ඇස්  ආවරණ ,කන් ආවරණ , හිස්වැසුම් ,.....

මෙම PPE භාවිතා කල යුත්තේ රසායනද්‍රව්‍ය භාවිතා කරන විට පමණක් නොවේ. සෑම කාර්යයක දීම ඊට අදාල වන පරිදි PPE භාවිතා කල යුතුය.

උදාහරණ: අධික ශබ්දයක් නිපදවන විදුලි ජනක යන්ත්‍රයක් සමීපයට යාමේදී අත්ආවරණ පැළදීමෙන් පලක් නැත. එවැනි අවස්ථාවක පැළදිය යුත්තේ කන් ආවරණයකි.

රසායනද්‍රව්‍ය පරිහරණයට පෙර මේ කරනා ගැනත් සැලකිලිමත් වෙන්න .

1. ආරක්ෂක දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Safety Data Sheet)
2. රසායන දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Chemical Safety Data Sheet)
3. ද්‍රව්‍ය දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Material Safety Data Sheet)
4. රසායනද්‍රව්‍ය පරිහරණය කිරීමේ ආරක්ෂා කාරී  පියවර සම්බන්දව සැලකිලිමත් වීම .
5. රසායනද්‍රව්‍ය පරිහරණයට පෙර ආසන්නතම ඇස් සේදීමේ ස්ථානය(eye wash) , හදිසි සේදීමේ ස්ථානය (emergency shower)සහ spill cleaning kit එක තිබෙන ස්ථානය සම්බන්දව අවබෝදයෙන් සිටීම.

Wednesday, 7 May 2014

Zeto Rule - 05

protect yourself against a fall when working at height - 
ඉහල ස්ථානවල වැඩ කිරීමේදී වැටීම් වලින් ආරක්ෂා වීම 

මීටර දෙකකට වඩා ඉහල ස්ථාන වල වැඩ කරනවානම් අපි ඉහල ස්ථානයක වැඩක් කිරීමක් වශයෙන් සලකනවා. එවැනි ස්ථානයක වැඩක් ඇරබීමට පෙර මේ කරනා ගැන සැලකිලිමත් වෙන්න.

1. ඔබ (platform) වේදිකාවක් මත එම වැඩේ කරනවානම් නියමාකාර අත්වැලක් , ආවරණයක් (Guard) ඒ වගේම වේදිකාවට නැගීමට ඉනිමගක්.
2. අනුමත කරන ලද පලන්චියක් (Scaffolding) එසේම එයට වලංගු පරීක්ෂක ලේබලයක් ( valid inspection tag)
3. වැඩේ සඳහා භාවිතා කරන උපකරණ බිමට නොවැටීමට යම් උපක්‍රමයක්.
4. ඉනිමගෙහි නැගීමේදී සෑම විටම ස්ථාන තුනක් ඉනිමග සමග සම්බන්ද වීම , උදාහරණ ; අත්දෙක සහ කකුලක් .
5. full body harness එකක් ඇදගැනීම සහ එය නියමාකාරයෙන් life Line එකකට සම්බන්ද කිරීම .

Tuesday, 6 May 2014

Zeto Rule - 04

Obtain authorization before confined space-
සංවෘත අවකාශයකට පිවිසීමට ප්‍රථම අවසර ලබා ගැනීම 

Confined Space එකක් කියන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත සංවෘත අවකාශයකට. මේ අවකාශයකට ඇතුළු වීමට ඉතාමත් සීමිත ඉඩ ප්‍රමාණයක් තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. උදාහරණ : Fuel Tank, Container, ඒ වගේම ගැඹුරට හාරපු වලක් , පතලක් මේ කියන සීමිත අවකාශ ලෙස සලකන්න පුළුවන්.

ඇයි confined space එකකට  ඇතුළු වෙන එක අවදානමක් කියල සලකන්නෙ ?

මේ තුල අම්ලකර වායුව (oxygen) ඉතා අඩු ප්‍රමාණයක් තියෙන්න පුළුවන් , ඒ වගේම විෂ වායු, වහා ගිනිගන්නා සුළු වායු තියෙන්න පුළුවන්. යම් කෙනෙක් මේ වගේ අවකාශයකට පෙර විමසුමක් නැතිව ඇතුළු උනොත් විනාඩි කිහිපයකදී මරණය පවා සිදු වෙන්නත්  පුළුවන් . 

සම්මත නීති රීති වලට අනුව confined space එකකට ඇතළු  වෙන්න කලින් 

1. එම පුද්ගලයා මේ සම්බන්දව පුහුණුවක් ලබල තියෙන්න ඕන . 
2. සංවෘත අවකාශයකට ඇතුළු වීමට සුදුසු ශාරීරික තත්වයක සිටින බවට වෛද්‍ය සහතිකයක් 
3. Gass test Report - විෂ වායු හෝ ගිනිගන්නා සුළු වායු , oxygen මට්ටම දැන ගැනීමට .
4. වලංගු වැඩ අවසර පතක් .
5. ඇතුළුවන ස්ථානයේ ලියාපදිංචි වීම.
6. ඇතුළු වන පුද්ගලයා නැවත පිටතට පැමිණෙන තුරු තව අයෙකු ඇතුළු වන ස්ථානයේ රැදී සිටීම.

මේ ආකාරයෙන් අවසර ඇතිව ඇතුළු වීමට පියවර ගන්නවානම් අනතුරක් වෙන්න තියන අවදානම ඉතාම අවමයි.

කෙස් හෝ අනතුරක් උනොත් 

CALL for a rescue team immediately.
DO NOT ATTEMPT rescue unless you are trained and equipped.

 EXAMPLE FOR CONFINED SPACE

Zeto Rule - 03

Obtain authorization before Overriding or disabling safety critical equipment - 
ආරක්ෂක උපකරණ මගහැර හෝ අතික්‍රමණය කර යම් ක්‍රියාවක් කිරීමට පෙර අවසර ලබා ගැනීම.

යම් අවස්ථා වලදී ආරක්ෂක උපකරණ මග හැර ක්‍රියාකලයුතු අවස්ථා වලට මුහුණ දීමට සිදුවේ .එවන් අවස්ථා වලදී ප්‍රථමයෙන්ම ඔබ අවදානම් ඇගයුමක්  ( Risk Assessment/ Job hazard analysis ) කල යුතු අතර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය . එසේම එම කාර්යය සඳහා වලන්ගු වැඩ අවසර පතක් ද ලබා ගත යුතුය. මීට පෙර එම අවසර පත්‍ර සම්බන්ධව විස්තර කර ඇත.

මොනවද මේ  safety critical equipment කියන්නෙ ?   
අවදානම් වලක්වා ගැනීමට හෝ යම් පද්දතියක ආරක්ෂාව සඳහා භාවිතා කරනුලබන උපකරණ මෙලෙස හැදින්වේ . උදාහරණ ; Safety interlock protective system (SIPS), Pressure reliving devices, Vacuum reliving devices, detectors, alarms, emergency release system, remote actuated emergency isolation valves,critical electrical equipment including uninterruptible power supply (UPS), turbine over speed trips, fire protection equipment and critical security devices.

අමතක කරන්න එපා , ඔබ එවැනි කටයුත්තක් කරනවානම් අහල පහල ඉන්න අයව දැනුවත් කරන්න . එමගින් අනතුරක් වෙන්න තියන අවදානම අවම වේවි.

Monday, 21 October 2013

නිට්ටඹුවේ අසිරිය ..

ටවුන් එකට ගිහින් ආවේ දැන් අයිසේ
ජන්ශන් ඒකක් තියනෙවා පට්ටයි අයිසේ
ලස්සන කෑලි දිව රෑ හන්දියේ ගැවසේ
නිට්ටඹුවේ ඇති අසිරිය කියමි මෙසේ

සිසිවන් උවන ටින්ටඩ් කල කෙහෙරැල්ල
ජැස්මින් පර්ෆියුම් ලිප්ස්  ටික් ගෑ දෙතොල
නිහාල් සුපර් එක තුල සිටිනා අඟන
අම්මප බදිනවා හිතුනොත් අද හෙටම

කලර් ලයිට් එක ලග ඇත තව කඩයක්
අපි එහේ යන්නේ ගහන්නම  හිතුනම අඩියක්
පොලීසියෙන් පනිනා එක  හරි කෙලියක්
මම නම් යන්නේ නෑ ඕකට වැඩි හරියක්

කොටට පලපු ඒවා ඇඳ කෙල්ලො යතී
තදට හිරට ඇඳපු අයත් බෝම වෙතී
අනේ ඉතින් කොල්ලන්ටත් මාර ගතී
බෙල්ලේ අමාරුව හැදුනොත් පුදුම නැතී

නුවරට ලග නිසා ලස්සන කෙල්ලන් ඇත්තේ
ලස්සන කෑලි දිව රෑ හන්දියේ ඇත්තේ
එක එක සයිස් නෙක නෙක පැහැ අය ඇත්තේ
දෙවියනි කිමද මට තව කෙල්ලෙක් නැත්තේ

කඩයක තියේ එකොලහ වෙනකම් කොත්තු
ඒකේ උන්න අක්කා මගෙ  හිත ගත්තු
දෙන්නම හිතෙනවා ඒ අක්කට තොත්තු
පස්සේ හිතෙනවා ඇයි දෙන්නේ තොත්තු

පාර දෙපැත්තේ හැම තැන බත් කඩය
අතරින් පතර ඇති කොමියුනි කේෂන්ය
සැලූන් හතකි ඉන් හතරක් ලේඩිස්ය
හන්දියේ කඩ වලට මාරම බිස්නස්ය

ලංකාවට එකයි මේ හන්දිය සොඳුරූ
බැලු බැලු හැමතැනකම අදුරන මිතුරූ
වරක් ඇවිත් බැලුවොත් යාවිද කවුරූ
නිට්ටඹුවේ ඇති මේ මහරූ.....

Saturday, 10 August 2013

බුදු රදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු...

කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,

ආචාර්ය චන්දන ජයරත්න

අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.

විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.

තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.

එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?

මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.

බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්‍ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි.

එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්‍රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.

මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි.

ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්‍ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.

මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්‍රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.

ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?

මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.

නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.

මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොට මේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියන වචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනා කරලා තියෙනවා.

ත්‍රිපිටකයට අයත් සූත්‍ර ධර්මයක, මහා මේඝ වර්ෂාවක් මගින් වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බැව් පෙන්වා දෙනවා. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?

තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇති වූ සැම ග්‍රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දූලි වල්ගයක් ද ඒවාට තිබීම විශේෂත්වයක් වුණා.

මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසුව සූර්යයාගේ ආලෝකයේ පීඩනය - හේතු කොට ගෙන ඉවත් වී ගොස් ඇති බව නවීන විද්‍යාව පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ මුල් කාලයේ දී සඳ හිරු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝනිකායේ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්‍රය, සමස්ත විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකියි.

පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල මෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක් තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත් එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවල ඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.

ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධි නව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.

එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.

සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්‍රහ වී ඇති දේ නවීන තාරකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?

හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.

මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster) සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහා සිංහනාද සූත්‍රයේ දිව්‍යලෝක හයක් ඇති බැව් සඳහන්. මේ දිව්‍යලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයට එහායින් ඇති ග්‍රහලෝක විය නොහැකිද?

බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.

මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.

අන්තරීක්‍ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?, එසේම එහි සංඛ්‍යා විද්‍යාත්මක වටිනාකම කෙබඳුද?

බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.

මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.

පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.

මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර 3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අපේ අතීත මුතුන් මිත්තන් එදා කල්පය නම්කර ඇත්තේ යම් පදනමක පිහිටලා යන්නයි. එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.

අද නවීන විද්‍යාවේ විශාලතම ඉලක්කම ලෙස අප හඳුන්වන්නේ ඇව ගාඩ්රෝ සංඛ්‍යාවයි. එනම්, 6.02 x 10 23නමුත් තුන්තරා බෝධියකින් නිවන් මග පතන බෞද්ධයින් පාරමිතා 1000 ක් සම්පූර්ණ කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු බව ධර්මයේ තිබෙනවා. ගණිත විද්‍යානුකූලව බලන විට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යනු අවුරුදු 4x10140 x 3.07x10 8 x 10000 වැනි සංඛ්‍යාවක් පැරණි පොත් පත් වලට අනුව අසංඛ්‍ය යනු 10140 ප්‍රමාණය බව සඳහන්. අද තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේ දී භාවිතා වන සංඛ්‍යා වලට වඩා එදා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික කටයුතු වලදී භාවිතා කළ එම සංඛ්‍යා ගණිතමය අගයෙන් ඉහළ මට්ටමක තිබූ බව මින් මනාව පැහැදිලි වෙනවා.

නවීන තාරකා විද්‍යාව හා සැසඳීමේ දී බුදුදහම ඊට වඩා ඉදිරියෙන් සිටිනවා නේද?

ක්‍රි.පූ. 640 දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා. එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි පෘථිවිය කියලා.

බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී. මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.

බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.

කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.

එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින දියුණු ජීවීන් පිළිබඳව, කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.

උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.

අපේ පුරාණ ලංකාවේ මිහිඳුමාහිමියන් වැඩවසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්‍යාවයි. බටහිර පොත් පත් වල සඳහන් නොවුනාට එදා සිටම තාරකා විද්‍යාව ලංකාව තුළ දියුණු වෙලා පැවතුණා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.

මේ සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින නවීන තාරකා විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය, විශ්වය ගැන එතරම් ලොකු වැදගත් කමක්දී නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙතරම් ඉදිරියෙන් සිටින්නේ.

සංවාද සටහන චසිත බුලත්සිංහල
http://www.lakehouse.lk/budusarana/2008/05/19/tmp.asp?ID=vision04
උපුටා ගැනීම ...බුදුසරණ මාසික සඟරාව

සංවාද සටහන චසිත බුලත්සිංහලhttp://www.lakehouse.lk/budusarana/2008/05/19/tmp.asp?ID=vision04 උපුටා ගැනීම ...බුදුසරණ මාසික සඟරාව ආචාර්ය චන්දන ජයරත්න

සංවාද සටහන චසිත බුලත්සිංහලhttp://www.lakehouse.lk/budusarana/2008/05/19/tmp.asp?ID=vision04 උපුටා ගැනීම ...බුදුසරණ මාසික සඟරාව