Thursday 1 August 2013

Zeto Rule - 01





''වලංගු වැඩ අවසර පතක් අතැතිව වැඩ කිරීම''

මොකක්ද මේ PTW කියන්නෙ ? Permit To Work කියන වචනය ලගු කිරීමක් විදියට තමයි PTW කියන යෙදුම භාවිතා කරන්නෙ. වැඩබිමක හෝ කර්මාන්ත ශාලාවක වැඩ කරද්දි අපට හිතුන හිතුන විදියට වැඩකරන්න බෑ . වැඩකරන්න අවසර ගන්න ඕන. වැඩකරන්න දෙන අවසර පත්‍රය තමයි PTW එක කියල කියන්නෙ.

මේ විදියට PTW එකක් ගන්න එකේ වාසිය  තමයි අපිකරන්න යන වැඩේ සම්බන්ධව සියලුම පාර්ශවයන් දැනුවත් වෙන එක , ඒ වගේම වැඩේ කරන්න සියලුම පාර්ශව වල එකගත්වය , මොනවගේ අවදානමක් එම කාර්යය සම්බන්දයෙන් තියනවද කියල පුර්ව අවබෝදයක් ලැබීම සහ අවදානම් වලක්වා ගෙන ආරක්ෂාකාරීව අදාල කාර්යය කිරීමට ආරක්ෂක උපාය මාර්ග ගැනීමට ඇති හැකියාව.

මෙහිදී PTW සම්බන්දයෙන් සංක්ෂිප්ත විස්තරයක් තමයි ඉදිරිපත් කරන්නෙ,

ප්‍රධාන වශයෙන් PTW දෙවර්ගයක් තියනවා.

1. Cold Work Permit ( උදා ; ඉදිකිරීම් කටයුතු ආදී දේ සදහා )
2. Hot Work Permit   ( උදා ;  පෑස්සීම ආදී දේ සදහා )

PTW එකක් ගන්න වැඩේ කරන්න බලාපොරොත්තු වන කෙනා (team leader or supervisor) PTW form එකක් fill කරල Authorized Supavisor සහ Approving Authority ගෙන් අනුමැතිය ගන්න ඕන. 

PTW form එක කියන්නේ මේ වගේ එකක් , මේක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන් ,එත් අඩංගු දේවල් සමානයි.


PTW එකක් ගන්න ඒකට Supporting Document අමුණන්න වෙනවා, අනිවාර්යයෙන් JHA (Job hazard
analysis) form එක සෑම PTW එකක් එක්කම අමුණන්න ඕන. JHZ එකෙහි කරන්න යන කාර්යය සම්බන්දයෙන් ඇති අවදානම මොන ආකාරයෙන්ද කියල සලකා බැලීමක් කරනවා. අවදානම වැඩිනම් අපට PTW එක හම්බ වෙන්නෙ නෑ. 

JHZ from එකක් පහතින් දාල තියනවා.



සමහර විට මේ pictures පැහැදිලිව පෙනෙන්නෙ නැතුව ඇති . මම මේ  pictures දැම්මේ දල අදහසක් ගන්න. 
මීට‍ අමතරව PTW request කරද්දි supporting certificate අමුණන්න අවශ්‍ය වෙන අවස්ථාවල් තියනවා. උදාහරණයක් විදියට නව පරිපථයකට  විදුලිය සම්බන්ද කිරීමේදී අපට Power isolation certificate එකක් attach කරන්න වෙනව.

මේවගේ supporting certificate ගණනාවක් තියනවා. ඒවගෙ  නම් අහල තියන එක හොදයි කියල හිතෙන නිසා නම් විතරක් සදහන් කරන්නම්.

1.Electrical Isolation Cert;
2.Physical Isolation Cert;
3.Safety System Bypass/Override Cert;
4.Confined Space Entry Cert;
5.Diving Cert;
6.Radiation Cert;
7.Lifting Cert;
8.Road Obstruction/Closure Cert;
9.Vehicle Entry Cert;
10 . Gas Test Form. 

ඔයකියපු form ඔක්කොම Fill කලාට පස්සෙ අපට PTW එක ලැබෙනවා. වැඩේ ලේසි නෑ නේද ? කොහොම උනත් මේ විදියෙ ක්‍රමයක් සකස්කරලා තියෙන්නේ අනතුරක් සිදු නොවී අදාල කාර්යයන් ආරක්ෂාකාරීව සිදු කරන්න. ඔයාල දකින්න ඇතිනෙ PTW form එකේ රතු අකුරෙන් ගහල තියනවා ''NO WORK IS SO URGENT THAT WE CANNOT TAKE TIME TO DO IT SAFELY'' කියල . ඉතින් හදිස්සියක් නෑ ,කරන වැඩේ කල්පනාවෙන් කරන්න.

ආ.. තවදෙයක් කියන්න අමතක උනා ,PTW එකේ පිටපත් තුනක් ලැබෙනවා. Original එක Work site එකේ ප්‍රදර්ශනය කරන්න ඕන. පලවෙනි Copy එක Control room (office) එකේ  දෙවෙනි Copy එක PTW එක අයදුම් කරපු කෙනා (Supervisor or Team leader ) ලග තියෙන්න ඕන. 

මේ විදියට නියමාකාරයෙන් අවසර අරගෙන වැඩකරනවද බලන්න HSE Inspectors ල එනවා. අවසර නැතුව වැඩකරලා අහුඋනොත් ලෙඩේ තමා.

දැන් හිතෙනවද දන්නෙන් නෑ මේ විදියට වැඩ කරන්න  අමාරුයි කියල. ඔව් අමාරුයි තමා. එත් මේ සම්මත නීතිවලට අනුව වැඩකරනවානම් අනතුරක් වෙන්න තියන අවදානම ඉතාමත් අඩුයි.



No comments:

Post a Comment