Sunday, 18 May 2014

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි

 මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!



ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු  Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.

මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.

හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.

මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.

මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!

ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..

Saturday, 17 May 2014

Zeto Rule - 08

Do not position yourself under suspended load.
එල්ලා ඇති භාරයක් පහල සිටීමෙන් වැළකීම.

යන්ත්‍රානුසාරයෙන් බර ඉසිලීමෙදී (දොඹකර ) එල්ලා ඇති භාරයන් පහල හෝ සමීපයෙහි නොසිටිය යුතුය. යම් හෙයකින් කාර්මික දෝෂයක් හෝ බිඳවැටීමකින් ඇතිවිය හැකි අනතුරු මේ මගින් වලක්වා ගත හැක.

බර ඉසිලීමට ප්‍රථම මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.

1. සියළුම බර ඉසිලීමේ උපකරණ/යන්ත්‍ර පරීක්ෂාකර  සහතික කර තිබීම.
2. PTW සහ බර ඉසිලීමේ සහතිකය (Lifting certificate) ලබාගෙන තිබීම.
3. යන්ත්‍ර ක්‍රියාකරු , signal Man, බර ඉසිලීමට යොදා ගන්නා පටි,කප්පි ,කේබල් , අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් සහ සහතික කර තිබීම.
4. බර ඉසිලීමට පෙර ඉසිලුම් සැලසුමක් සකස්කිරීම.
5. බර උසුලන ප්‍රදේශය අන් අයට ඇතුළු වීමට නොහැකි වන පරිදි බාදක යෙදීම (Barricaded).


Friday, 16 May 2014

Zeto Rule - 07

Obtain Authorization before excavation or entering a trench
අගලක් හෝ කානුවක් කැපීමට ප්‍රථම අනුමැතිය ලබා ගැනීම.

විශේෂයෙන්ම වැඩබිම් වලදී කැනීම් කිරීමට ප්‍රථමයෙන් අවසර ලබාගත යුත්තේ භූගත විදුලිරැහැන් සන්නිවේදනය සදහා භාවිතා කරන fiber optics, එසේම ජලනල භූගතව තිබිය හැකි බැවිනි. එසේම ඉතා ගැඹුරට කානු කැපීමේදී V හැඩයට කැපිය යුතු වන අතර ඉවත්කරන පස් අවම වශයෙන් අඩි දෙකක් පමණ දුරින් ඉවත් කල යුතුය.


ඔබට කැණීමක් කිරීමට අවැසි නම් ප්‍රථමයෙන්ම වැඩබිම් ඉංජිනේරුවරයාට දන්වා බිම් සැකැස්ම පරීක්ෂාකර පසුව PTW එකක් ලබා ගත යුතුය. 

එසේම කානුවකට ඇතුළුවීමට ප්‍රථම අවසර ලබා ගත යුතුය. මන්ද ඉතා ගැඹුරු කානුවක් නම් විෂවායු වැනි අවදානම් තිබිය හැක.විශේෂයෙන්ම යකඩ නිෂ්පාදනය කරනුලබන කර්මාන්ත ශාලා තුල මෙය ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ උණු වූ යකඩ ගමන් කරන්නේ කානු තුලින් බැවින් යම් අයෙකු අවසර නොමැතිව එයට ඇතුළු උවහොත් අත්වන ඉරණම ඉතා කනගාටු දායක බැවිණි.




Friday, 9 May 2014

Zeto Rule - 06

Use the correct personal protective equipment (PPE) when handling hazardous chemicals. 
අනතුරුදායක රසායනද්‍රව්‍ය භාවිතයේදී පුද්ගල ආරක්ෂණ උපකරණ පැළඳීම.

මොනවද මේ PPE? වැඩබිමක හෝ කර්මාන්ත ශාලාවක වැඩ කිරීමේදී පුද්ගල ආරක්ෂාව සලකා පළඳිනු ලබන ආරක්ෂක උපකරණ මේ නමින් හැදින්වේ. මේ මගින් අනතුරක් සිදු උවහොත් වියහැකි හානිය වලක්වා ගැනීම හෝ හානිය අවම කර ගැනීම අපේක්ෂා කෙරේ.
උදාහරණ : අත්වැසුම්,පාවහන්, ඇස්  ආවරණ ,කන් ආවරණ , හිස්වැසුම් ,.....

මෙම PPE භාවිතා කල යුත්තේ රසායනද්‍රව්‍ය භාවිතා කරන විට පමණක් නොවේ. සෑම කාර්යයක දීම ඊට අදාල වන පරිදි PPE භාවිතා කල යුතුය.

උදාහරණ: අධික ශබ්දයක් නිපදවන විදුලි ජනක යන්ත්‍රයක් සමීපයට යාමේදී අත්ආවරණ පැළදීමෙන් පලක් නැත. එවැනි අවස්ථාවක පැළදිය යුත්තේ කන් ආවරණයකි.

රසායනද්‍රව්‍ය පරිහරණයට පෙර මේ කරනා ගැනත් සැලකිලිමත් වෙන්න .

1. ආරක්ෂක දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Safety Data Sheet)
2. රසායන දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Chemical Safety Data Sheet)
3. ද්‍රව්‍ය දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Material Safety Data Sheet)
4. රසායනද්‍රව්‍ය පරිහරණය කිරීමේ ආරක්ෂා කාරී  පියවර සම්බන්දව සැලකිලිමත් වීම .
5. රසායනද්‍රව්‍ය පරිහරණයට පෙර ආසන්නතම ඇස් සේදීමේ ස්ථානය(eye wash) , හදිසි සේදීමේ ස්ථානය (emergency shower)සහ spill cleaning kit එක තිබෙන ස්ථානය සම්බන්දව අවබෝදයෙන් සිටීම.

Wednesday, 7 May 2014

Zeto Rule - 05

protect yourself against a fall when working at height - 
ඉහල ස්ථානවල වැඩ කිරීමේදී වැටීම් වලින් ආරක්ෂා වීම 

මීටර දෙකකට වඩා ඉහල ස්ථාන වල වැඩ කරනවානම් අපි ඉහල ස්ථානයක වැඩක් කිරීමක් වශයෙන් සලකනවා. එවැනි ස්ථානයක වැඩක් ඇරබීමට පෙර මේ කරනා ගැන සැලකිලිමත් වෙන්න.

1. ඔබ (platform) වේදිකාවක් මත එම වැඩේ කරනවානම් නියමාකාර අත්වැලක් , ආවරණයක් (Guard) ඒ වගේම වේදිකාවට නැගීමට ඉනිමගක්.
2. අනුමත කරන ලද පලන්චියක් (Scaffolding) එසේම එයට වලංගු පරීක්ෂක ලේබලයක් ( valid inspection tag)
3. වැඩේ සඳහා භාවිතා කරන උපකරණ බිමට නොවැටීමට යම් උපක්‍රමයක්.
4. ඉනිමගෙහි නැගීමේදී සෑම විටම ස්ථාන තුනක් ඉනිමග සමග සම්බන්ද වීම , උදාහරණ ; අත්දෙක සහ කකුලක් .
5. full body harness එකක් ඇදගැනීම සහ එය නියමාකාරයෙන් life Line එකකට සම්බන්ද කිරීම .





Tuesday, 6 May 2014

Zeto Rule - 04

Obtain authorization before confined space-
සංවෘත අවකාශයකට පිවිසීමට ප්‍රථම අවසර ලබා ගැනීම 

Confined Space එකක් කියන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත සංවෘත අවකාශයකට. මේ අවකාශයකට ඇතුළු වීමට ඉතාමත් සීමිත ඉඩ ප්‍රමාණයක් තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. උදාහරණ : Fuel Tank, Container, ඒ වගේම ගැඹුරට හාරපු වලක් , පතලක් මේ කියන සීමිත අවකාශ ලෙස සලකන්න පුළුවන්.

ඇයි confined space එකකට  ඇතුළු වෙන එක අවදානමක් කියල සලකන්නෙ ?

මේ තුල අම්ලකර වායුව (oxygen) ඉතා අඩු ප්‍රමාණයක් තියෙන්න පුළුවන් , ඒ වගේම විෂ වායු, වහා ගිනිගන්නා සුළු වායු තියෙන්න පුළුවන්. යම් කෙනෙක් මේ වගේ අවකාශයකට පෙර විමසුමක් නැතිව ඇතුළු උනොත් විනාඩි කිහිපයකදී මරණය පවා සිදු වෙන්නත්  පුළුවන් . 

සම්මත නීති රීති වලට අනුව confined space එකකට ඇතළු  වෙන්න කලින් 

1. එම පුද්ගලයා මේ සම්බන්දව පුහුණුවක් ලබල තියෙන්න ඕන . 
2. සංවෘත අවකාශයකට ඇතුළු වීමට සුදුසු ශාරීරික තත්වයක සිටින බවට වෛද්‍ය සහතිකයක් 
3. Gass test Report - විෂ වායු හෝ ගිනිගන්නා සුළු වායු , oxygen මට්ටම දැන ගැනීමට .
4. වලංගු වැඩ අවසර පතක් .
5. ඇතුළුවන ස්ථානයේ ලියාපදිංචි වීම.
6. ඇතුළු වන පුද්ගලයා නැවත පිටතට පැමිණෙන තුරු තව අයෙකු ඇතුළු වන ස්ථානයේ රැදී සිටීම.

මේ ආකාරයෙන් අවසර ඇතිව ඇතුළු වීමට පියවර ගන්නවානම් අනතුරක් වෙන්න තියන අවදානම ඉතාම අවමයි.

කෙස් හෝ අනතුරක් උනොත් 

CALL for a rescue team immediately.
DO NOT ATTEMPT rescue unless you are trained and equipped.

 EXAMPLE FOR CONFINED SPACE


Zeto Rule - 03


Obtain authorization before Overriding or disabling safety critical equipment - 
ආරක්ෂක උපකරණ මගහැර හෝ අතික්‍රමණය කර යම් ක්‍රියාවක් කිරීමට පෙර අවසර ලබා ගැනීම.


යම් අවස්ථා වලදී ආරක්ෂක උපකරණ මග හැර ක්‍රියාකලයුතු අවස්ථා වලට මුහුණ දීමට සිදුවේ .එවන් අවස්ථා වලදී ප්‍රථමයෙන්ම ඔබ අවදානම් ඇගයුමක්  ( Risk Assessment/ Job hazard analysis ) කල යුතු අතර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය . එසේම එම කාර්යය සඳහා වලන්ගු වැඩ අවසර පතක් ද ලබා ගත යුතුය. මීට පෙර එම අවසර පත්‍ර සම්බන්ධව විස්තර කර ඇත.

මොනවද මේ  safety critical equipment කියන්නෙ ?   
අවදානම් වලක්වා ගැනීමට හෝ යම් පද්දතියක ආරක්ෂාව සඳහා භාවිතා කරනුලබන උපකරණ මෙලෙස හැදින්වේ . උදාහරණ ; Safety interlock protective system (SIPS), Pressure reliving devices, Vacuum reliving devices, detectors, alarms, emergency release system, remote actuated emergency isolation valves,critical electrical equipment including uninterruptible power supply (UPS), turbine over speed trips, fire protection equipment and critical security devices.

අමතක කරන්න එපා , ඔබ එවැනි කටයුත්තක් කරනවානම් අහල පහල ඉන්න අයව දැනුවත් කරන්න . එමගින් අනතුරක් වෙන්න තියන අවදානම අවම වේවි.