Thursday, 22 May 2014

පොදු ආරක්ෂක නීති.



කර්මාන්තශාලා තුල වැඩ කිරීමේදී පොදුවේ අනුගමනය කල යුතු නීති රීති පහත සදහන් පරිදි වේ. ලංකාව තුල මේ සම්බන්ධයෙන් එතරම් අවදානයක් යොමු නොකලද මේ පිළිබදව දැන සිටීම වැදගත් වන අතර ඔබ ආයතනයෙහිද මෙම කරනා සම්බන්දයෙන් අවධානය යොමුකරන්නේනම් සේවකයන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. 

1. නිර්දේශ අනුව සම්මත ඇඳුම්/උපකරණ භාවිතය.
2. විධිමත් ක්‍රම අනුව බර ඉසිලීම.
3. උපදෙස් සං පුවරු ගැන සෑමවිටම සැලකිලිමත් වීම.
4. මිනිසුන්,උපකරණ ,දේපල ,ද්‍රව්‍ය, ගොඩනැගිලි අවදානමට ලක් කෙරෙන කිසියම් තත්වයක් හෝ ක්‍රියාවක්       ඔබගේ ඉහල නිලදාරියට දැන්වීම.
5. විදුලි උපකරණ සහ circuit breaker සම්බන්ධව කටයුතු කල යුත්තේ අවසර ලත් අය පමණි.
6. අවදානම් හෝ LOCK OUT ලේබල නොගැලවීම,ආරක්ෂක උපකරණ හෝ උපක්‍රම ඉවත් නොකිරීම             උපකරණ/යන්ත්‍ර නඩත්තුවට හෝ අලුත්වැඩියාවට පෙර නවතා තැබීම.
7. භාවිතයට ගත නොහැකි හෝ අබලන් උපකරණ සම්බන්දව කළමණා කරනය දැනුවත් කිරීම.
8. සම්පීඩිත වායු, තමාගේ ශරීරයට හෝ අන් අයෙකුගේ ශරීරයට එල්ල නොකෙරිය යුතුය.
9. යන්ත්‍ර ක්‍රියාකරවන්නා යන්ත්‍රය වෙත රැදිය යුතුය එසේම ක්‍රියාකරවන්නාගේ අවදානයට බාධා නොකෙරිය     යුතුය.
10. කර්මාන්ත ශාලාව තුල විහිළු ක්‍රියා කිරීම සපුරා තහනම් වේ.
11. ඔබගේ උපකරණ ආරක්ෂාව සඳහා නිතරම පරීක්ෂා කල යුතුය.
12. ගිනිගන්නා සුළු ද්‍රාවන සහ ඇසිඩ් ද්‍රාවන ආරක්ෂක බඳුන්වලට දමා ලේබල් ගැසිය යුතුය.
13. භාණ්ඩ අසුරා ඇති ස්ථාන පිරිසිදුව තැබිය යුතුය, එසේම කර්මාන්ත ශාලාව පිරිසිදුව තබා ගැනීමට වගබලා      ගන්න.
14. උස් ස්ථානවල භාණ්ඩ ගබඩා කර ඇත්නම් එවැනි ස්ථාන වලින් ඈත්ව සිටින්න.

Wednesday, 21 May 2014

Zeto Rule - 10

රියපදවන අතරතුර ජංගම දුරකථන හෝ වෝකිටෝකි යන්ත්‍ර භාවිතා නොකිරීම,ආසන පටි පැළඳීම සහ වේග සීමා  අනුගමණය කිරීම.
Do not use your mobile phone/walkie-talkie while driving, follow the speed limit and use your seat belt. 

දැන්නම් වාහන පදවනකොට seat belt දාගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පොලිසියෙන් අල්ලන නිසා වාහනේට නැග්ග ගමන් දාගන්නව නේද ? කොහොම හරි කමක් නෑ මේක ආරක්ෂාව සම්බන්දයෙන් ඉතාමත් වැදගත් කාරණයක්. seat belt එකෙන් අනතුරක් වලක්වා ගන්න හැකියාව නැති උනාට අනතුරක් සිදු උනොත් වෙන හානිය අවම කරගන්න පුළුවන්.

ඒ වගේම වාහන පදවද්දි දුරකථන භාවිතා කරන්න යන්න එපා. මොකද ඔබගේ අවදානය වෙන අතකට යොමුවීමෙන් අනතුරක් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ අවදානයෙන් හිටියෙ නැති උනාම ප්‍රතික්‍රියා කාලය වැඩි වෙන නිසා. ප්‍රතික්‍රියා කාලය කියන්නේ යමක් ඇසින් දැකල ඒ සදහා ප්‍රතිචාරයක් දක්වන්න ගතවන කාලය. වාහනේ පදවන ගමන් ඔබ වෙන වැඩක්‌  කරනවානම් මේ සදහා ගතවන කාලය වැඩියි. ඒ කියන්නේ අනතුරක් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.

පාරෙ යද්දී වේගසීමා දැකල ඇතිනෙ . මේවා දාල තියෙන්නෙ අපි වාහනේ වේගෙන් යනවට තියන තරහට නෙවෙයි. අපේම ආරක්ෂාවට. වාහන තදබදය, පාරේ ස්වභාවය, වෙනත් පරිසර සාධක සලකල බලල තමයි මේ වේගසීමා පනවල තියෙන්නේ. මෙමෙ සීමාවන් අනුගමනය කරනවානම් ඔබේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.


 

Tuesday, 20 May 2014

Zeto Rule - 09

දුම්පානය කිරීමට වෙන් කරන ලද ස්ථානවල පමණක් දුම් පානය කිරීම සහ අවසරයකින් තොරව ජ්වලන ප්‍රභව සැකසුම් ප්‍රදේශ වලට රැගෙන නොඒම.
Do not smoke outside designated areas or bring potential ignition sources into process areas without authorization.

ඉස්සෙල්ලම කියන්න ඕන මේ නීතිය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන පිරිපහදු වල, ඉන්ධන කැනීම් කරන ස්ථානවල එසේම ඉන්ධන ගබඩා වලය.
මෙම ස්ථාන අවට වාෂ්පශීලී ගිනිගන්නා සුළු සංයෝග තිබිය හැකි බැවින් මෙම නීතිය පනවා ඇත.

මෙවන් ස්ථානවල වැඩ කිරීමට කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

1. Hot Work එකක් පටන් ගැනීමට ප්‍රථමයෙන් gas test එකක් කිරීම සහ HOT WORK PERMIT එකක් ලබා ගැනීම .
2. එන්ජිමක් මගින් ක්‍රියාත්මක වන උපකරණ හෝ වෙනත් ජ්වලන ප්‍රබහව භාවිතා කිරීමට පෙර ද Hot work permit එකක් ලබා ගැනීම.


Sunday, 18 May 2014

භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!



තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.

වෙනත් ග්‍රහලෝකයක පදිංචියට

 වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන ගවේශකයින් ආහාර සපයගන්නේ කෙසේද?


හවායි දූපතේ පිහිටි නාසා ආයතනයේ HI-SEAS පර්යේෂණාගාරය

ඉදිරි අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයක (උදා: අඟහරු ) පදිංචියට යන පෘථිවි වාසීන් කෑම සපයාගන්නේ කෙසේදැයි යන පැනය විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ රාශියකට උදෘතය වී තිබෙනවා. දැනට නිර්මාණය කොට ඇති  විසඳුම්වලට අනුව වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන්නවුන් මුලින්ම හයිඩ්‍රොෆොනික් ක්‍රමයට වගාකිරීම සිදුකරනු ඇති. හයිඩ්‍රොෆොනික් ක්‍රමය යටතේ පැල පසෙහි සිටුවීමක් සිදු නොවන අතර ඒවා ආධාරක මත රඳවා විශේෂයෙන් සකසන ලද පෝශක ද්‍රාවණයක මුල් ඇදෙන්නට සලස්වනවා. බොහෝ බෝග වර්ග මෙලෙස සාර්ථකව වගාකල හැකිබව පර්යේෂණ වලදී පෙනීගොස් තිබෙනවා.

වෙනත් ග්‍රහලෝකයකදී ආහාර සපයාගැනීම පිලිබඳව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජීන් හන්ටර් පවසන ආකාරයට මුලින්ම ඉක්මණින් වැවෙන සලාද කොලවර්ග, කැරට්, බීට්, කොළ ගෝවා, තක්කාලි, පිපිඤ්ඤා වැනි ආහාරවර්ග මුලින්ම වගාකිරීම ආරම්භ කල යුතුයි. ඒ, එවැනි එළවළු වර්ග ඉක්මණින් වැඩී පලදාව ලබාදෙන බැවින් හා එතරම් අපහසුවකින් තොරව කුඩා ඉඩ ප්‍රමාණවල වගාකරගත හැකි බැවිනුයි. දෙවැනි පියවර ලෙස කාබෝහයිඩ්‍රේට සපයන අල, බතල හා තිරිඟු, ඉරිඟු හා ගොයම් වගාකිරීම ආරම්භ කල හැකියි. ප්‍රෝටීන බෝග (මාංශ බෝග ) වගාකිරීම තෙවන පියවර වනවා. කෙසේවෙතත් බොහෝ කාළයක් යනතුරු වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවාගන්නා පෘථිවි වැසියන්ට ශාකමය ආහාරවේලකින් (vegetarian) යැපෙන්නට සිදුවනු ඇති. ඒ වෙනත් ග්‍රහලෝකයක සත්වපාලන සිදුකිරීම පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ ඉතා අවමයෙන් නිසා.

කේසේ වේතත් කොළණි වැසියනටට සත්ව ප්‍රෝටීන ලබාගැනීම සඳහා ප්‍රෝටීන අධික කෘමිසතුන් ඇතිකිරීමේ හැකියාව තිබෙන බව ඔවුන් පවසනවා. එපමණක් නොව, මෙලෙස කුඩා ඉඩ ප්‍රමාණවල බෝග වගාව ඉතා අකාර්යක්ශම අධික ශ්‍රමයක් වැයවෙන කටයුත්තක් බව පවසන මහාචාර්ය හන්ටර් කොළණි වැසියනට සිය දෛනික කාලයෙන් විශාල ප්‍රමාණයක් ආහාර නිපදවාගැනීම සඳහා වැය කරන්නට සිදුවිය හැකිබවට අණතුරු අඟවනවා. කොතරම් සාර්ථක ලෙස වගාකටයුතු සිදුකල හැකිවූවත් අඟහරු වැනි ග්‍රහයෙකු මතට ගොඩබසින ගවේශකයින් මාස 6 සිට වසරක පමණ කාළයකට සෑහෙන ආහාර රැගෙන යායුතු වනවා. නැත හොත් කලින් කලට පෘථිවියෙන් එවිය යුතු වනවා. ඒ අවශ්‍ය ගොඩනැගිලි නිර්මාණය කරගෙන වගාව ආරම්භ කිරීමට කල් ගතවන බැවිනුයි.

මේ පිලිබඳව වැඩිදුර හැදෑරීම සඳහා අපූරු පර්යේෂණයක් නාසා ආයතනය මගින් හවායි දූපතේ පිහිටවූ පර්යේෂණාගාරයක සිදුකරනු ලැබුවා. Hawaii Space Exploration Analog and Simulation (HI-SEAS) ලෙස හඳුන්වන ලද මෙය සීල් තැබූ පර්යේෂණාගාරයක්. අමෙරිකාවට අයත් හවායි දූපත් සමූහයේ විශාලතම දිවයිනේ පිහිටා ඇති මව්නා-ලෝවා ගිණිකන්දේ බෑවුමක, මුහුදු මට්ටමේ සිට අඩි 8000ක් ඉහලින් මෙම පර්යේෂණාගාරය පිහිටුවා තිබේ. මෙම ප්‍රදේශයේ භූවිශමතා අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන භූමි ස්වභාවයට යම් අන්දමකින් සමානවීම, මෙම ස්ථානය තෝරාගැනීමට හේතුව බව නාසා ආයතනය පවසනවා.

මෙය තුල පර්යේෂකයින් 8 දෙනෙකු දින 120ක්, බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොරව ජීවත් වුනා. ඔවුන් සඳහා පෙර පිසින ලද පැකට් ආහාර මෙන්ම බීජ හා හයිඩ්‍රොෆොනික් ලෙස ආහාර වගාකරගත හැකි පහසුකම් ලබාදී තිබුනා. පසුගිය 2013 අගෝස්තුවේ අවසන් වුනු මෙම පර්යේශණයේදී අනාගත වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවා ගන්නා මිනිස් ගවේෂකයින් හට උපකාරවිය හැකි දත්ත රාශියක් එක් රැස් කරගත් බව නාසා ආයතනය පවසනවා.

ආහාර වගාකිරීම, පිසීම, ඒවායේ පෝෂ්‍යගුණය, දීර්ඝ කාලීනව මෙලෙස වගාකල ආහාර මත යැපීමෙන් ශරීර සෞඛ්‍යට වන බලපෑම මෙන්ම වෙනත් ග්‍රහලෝකයක පිහිටුවාගත් ජනාවාසවල වැසිකිලි-කැසිකිලි නිර්මාණය කලයුත්තේ කෙසේද, කසළ හා මළද්‍රව්‍ය බැහැර කරන්නේ කෙසේද, ජලය සපයාගන්නේ කෙසේද යනාදී විද්‍යාත්ම ගැටලු රාශියක් මෙහිදී අධ්‍යයනය කරමින් තිබෙනවා. මෙම පර්යේෂණයේ ප්‍රථිපල තවමත් සකසා අවසන්වී නෑ. පර්යේෂකයින් 6දෙනෙකු සහිතව මෙහි දෙවැනි අදියර (HI-SEAS 2)  2014 මාර්තු 24 වැනිදා ඇරඹුනු අතර ඔවුන් දින 120ක් මෙහි ගත කරමින් පර්යේෂණ කටයුතුවල යෙදෙනු ඇත.

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි

 මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!



ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු  Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.

මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.

හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.

මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.

මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!

ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..

Saturday, 17 May 2014

Zeto Rule - 08

Do not position yourself under suspended load.
එල්ලා ඇති භාරයක් පහල සිටීමෙන් වැළකීම.

යන්ත්‍රානුසාරයෙන් බර ඉසිලීමෙදී (දොඹකර ) එල්ලා ඇති භාරයන් පහල හෝ සමීපයෙහි නොසිටිය යුතුය. යම් හෙයකින් කාර්මික දෝෂයක් හෝ බිඳවැටීමකින් ඇතිවිය හැකි අනතුරු මේ මගින් වලක්වා ගත හැක.

බර ඉසිලීමට ප්‍රථම මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.

1. සියළුම බර ඉසිලීමේ උපකරණ/යන්ත්‍ර පරීක්ෂාකර  සහතික කර තිබීම.
2. PTW සහ බර ඉසිලීමේ සහතිකය (Lifting certificate) ලබාගෙන තිබීම.
3. යන්ත්‍ර ක්‍රියාකරු , signal Man, බර ඉසිලීමට යොදා ගන්නා පටි,කප්පි ,කේබල් , අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් සහ සහතික කර තිබීම.
4. බර ඉසිලීමට පෙර ඉසිලුම් සැලසුමක් සකස්කිරීම.
5. බර උසුලන ප්‍රදේශය අන් අයට ඇතුළු වීමට නොහැකි වන පරිදි බාදක යෙදීම (Barricaded).