Wednesday 31 July 2013

මොකද වෙන්නෙ ..?

මුලින්ම ඔක්කොමලටම ආයුබෝවන් කියල පටන් ගන්නම්. මම මේ Blog එක පටන් ගත්තෙ මීට අවුරුද්දකට විතර කලින්. එත් වැඩ වැඩි නිසා එක Post එකක්වත් ලියාගන්න බැරි උනා. කොහොම හරි දැන්නම් ටිකක් වෙලාව හොයාගන්න පුළුවන් උනා .

කට්ට කාල එගෙනගත්තු දෙයින් Technical Field එකට අලුතෙන් එන කොල්ලන්ගෙ දැනුමට යමක් එකතුකරන පරම පිවිතුරු චේතනාවෙන් තමයි මේක පටන් ගත්තෙ.

මුලින්ම මම එගෙනගත්තු  තැන ගැන මතක් කරල ඉන්න ඕනනේ , Sri Lanka German Railway Technical Training Center එකෙන් තමයි Technical Field එකට අත ගැහුවෙ ,ඊට පස්සෙ පුහුණු කාලයේ දි ''CME'' එකේ සහෝදරවරු අපිට දීපු තල්ලුව ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ අතුරින් කුරේ අයිය,වසන්ත අයිය  දීපු support එකනම් කියල වැඩක් නෑ .

ඒ දවස් වල ''CME'' එකට Training දානවා කිව්වම මාර ගතියක් ඇගට එන්නේ , ඒ වෙන මොනවත් නිසා නෙවෙයි , පස්සෙන් එන්න සර් ල නෑ ,කොල්ලෝ  එක්ක සෙට් වෙලා රස්තියදුවෙ යන්න ,කෝච්චි පෙට්ටි ඇතුලෙ වැඩ නැති උනාම නිදා ගන්න ඔය වගේ දේවල් වලට.මමත් ඔය දේවල් ඔක්කොම කලා, හැබැයි අනාගතේ ගැන හිතල ඉගෙන ගන්න එකත් කරගත්ත.
කතාව දිග වැඩි උනාද මන්ද .

හරි මම කියන්නම් මොනවා ගැනද Blog එකේ දාන්න යන්නේ කියල .

1. කර්මාන්ත ශාලා වල වැඩ කිරී මේදී අනුගමනය කල යුතු සම්මත ආරක්ෂක නීති රීති .
2. ප්‍රායෝගිකව Generators නඩත්තු කිරීමේ ඇතිවන ගැටළු සහ නඩත්තු කිරීමේ සම්මත ක්‍රම.
3. විද්‍යුත් පරිපත සහ විදුලිය බෙදා හැරීම.

මීට අමතරව මේ හා සබැදි සියලු කාරණා සම්බන්දයෙන් පුළුවන් තරම් දුරට Post
දාන්න බලා පොරොත්තු වෙනව.

තව දෙයක් තියනවා කියන්න, ඔයගොල්ලොත් දන්න දේවල් තියනවනම් මේ E-mail Address එකට එවන්න.අපි බලා බොරොත්තු වෙන්නේ දැනුම බෙදාගන්න නිසා ඔයාලටත් මේකට උදව් වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව.  ssahansriranganath@gmail.com

එහෙමනම් මීලග Post එකේ ඉදන් පටන්ගමු .....