Saturday 31 May 2014

නඩත්තු කළමණා කරණය - 02

| නඩත්තු ක්‍රමෝපායන් | MAINTENANCE STRATEGIES |

නඩත්තු ක්‍රමෝපායක් යනු ක්‍රමවත් නඩත්තු කිරීමේ පටිපාටියයි.පොදුවේ භාවිතා කරන මෙවැනි නඩත්තු කිරීමේ පටිපාටි පහත දැක්වේ.

බිඳ වැටීම් / සැලසුම් නොකළ නඩත්තු. 
(  Breakdown Maintenance or Operate to Failure or Unplanned Maintenance )
මෙහිදී යම් යන්ත්‍රයක් බිඳවැටෙන තෙක්ම ක්‍රියාකිරීමට ඉඩ හරින අතර  බිඳවැටීමෙන් පසු අලුත් වැඩියා කර නැවත මෙහෙයුම් සඳහා යොදාගනු ලැබේ.මෙම ක්‍රමෝපාය සුදුසු වන්නේ එතරම් වැදගත්කමක් නොමැති බිඳ වැටුනහොත් බරපතල ගැටළුවක් නොවන හෝ අමතර යන්ත්‍ර ඇති ( Spare machine) යාන්ත්‍රණ පද්ධති සඳහාය.එසේම යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකදී සිදුකරනු ලබන අළුත් වැඩියාවන් ද මේ ගනයට අයත් වේ .


නිවාරක / චක්‍රානුකූල නඩත්තු. 
Preventive or Scheduled Maintenance )
මෙහිදී නියමිත කාල ප්‍රාන්තර තුලදී යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීම,අවශ්‍ය කොටස් ස්නේහනය(lubrication) ,පිරිසිදු කිරීම ,සීරු මාරු කිරීම (adjustment) සහ ගෙවීගිය කොටස් වෙනුවට නව කොටස් සවිකිරීම සිදුකරනු ලබයි. මේ ආකාරයෙන් සිදු කරන නඩත්තු වලින් යන්ත්‍ර වල දිගුකල් පැවැත්ම ,හදිසි බිඳ වැටීම් අවම කිරීම ,අනතුරු අවම කිරීම අපේක්ෂා කෙරේ.

කලින් සැලසුම් කරන ලද හෝ තත්වානුකූල නඩත්තු. 
Predictive or Condition Based Maintenance )
ඉතා ඉහල වැදගත්කමකින් යුතු බිඳ වැටීම් වලට ඉඩදිය නොහැකි පද්දති සඳහා මෙම ක්‍රමෝපාය අනුගමනය කරයි. බොහෝවිට මෙවැනි නඩත්තු සිදුකරන්නේ තත්ව පරීක්ෂාවකින් අනතුරුවයි, මෙහිදී කම්පන මට්ටම(vibration), උෂ්ණත්වය, ස්නේහන තෙල් විශ්ලේෂණ(oil analysis) සහ තවත්  අමතර කාරණා සැලකිල්ලට ගනු ලැබේ. මෙවැනි නඩත්තු සැලසුම් කිරීමට පෙර යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ගෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරී මට්ටම ගැන අවබෝධයක් ද ලබාගත හැකිය.

අවස්ථාවක් ලද විට සිදුකරන නඩත්තු.
(Opportunity Maintenance)
යම් යන්ත්‍රයක් වෙනත් කටයුත්තක් සඳහා ක්‍රියා විරහිත කල අවස්ථාවකදී සිදුකරන
නඩත්තු මෙලෙස හැඳින්වේ.

සැලසුම් නිවැරදි කිරීමේ නඩත්තු.
Design out Maintenance)
මෙය ඉලක්ක ගත වන්නේ බිඳවැටීම් අවම කිරීමට සහ සැලසුමේ යම් දෝෂයක් ඇත්නම් එය නිවැරදි කිරීමටය. සැලසුමේ ඇති දෝෂ නිවැරදි කිරීමෙන් නඩත්තු වියදම් අවම කර ගැනීම මෙහි තවත් අරමුණකි.


Tuesday 27 May 2014

නඩත්තු කළමණා කරණය.

හැඳින්වීම 

''නඩත්තු'' යන වදනෙන් විග්‍රහ වන්නේ යන්ත්‍රසුත්‍ර මෙහෙයුම් තත්වයේ පවත්වාගෙන යාම හෝ මෙහෙයුම් තත්වයට ගෙන ඒම සඳහා අදාල අළුත් වැඩියාවන් සිදුකිරීමයි. නඩත්තු කෙරීමෙහි මුලික පරමාර්ථය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යන්ත්‍ර වල උපයෝගී තාවය (availability) ඉහල නැංවීම, ආරක්ෂාව තහවුරු කිරීම සහ වියදම අවම කිරීමයි.
කාර්මික විප්ලවය ඇරඹීමත් සමගම කර්මාන්ත ශාලා විශාල වශයෙන් බිහිවිය, එසේම එම කර්මාන්ත ශාලා තුල බහුල වශයෙන් කාර්මික යන්ත්‍ර භාවිතයට ගන්නා ලදී. මෙසේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යන්ත්‍ර යොදා ගැනීමේදී ඒවා නඩත්තු කිරීමට අලුත් වැඩියා කිරීමට සිදු වූ අතර එවන් අවස්ථා වලදී නිශ්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය පහත වැටින. මෙම තත්වය මග හරවා නිෂ්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය එලෙසම පවත්වාගෙන යාම පිළිබඳව කතිකාවතක් ඇතිවූ අතර එහි ප්‍රථිපලයක් ලෙස නඩත්තු කළමණා කරණය යන විෂය කරලියට පැමිණෙන ලදී. 

නඩත්තු කළමණා කරණය විශාල විෂය පථයක් වන අතර මෙහිදී ගෙන ඒමට බලා  පොරොත්තු වන්නේ වැදගත් කාරනා කිහිපයක් පමණි.

1. නඩත්තු ක්‍රමෝපායන්.
2. නඩත්තු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය.
3. නඩත්තු සංවිධානය.
4. නඩත්තු කළමණා කරණයේ මුලිකාංග.

ඉහත දැක්වෙන කරුණු සම්බන්දයෙන් වෙන් වෙන්ව ඉදිරි Post වලින් සලකා බලමු .....

Saturday 24 May 2014

ආදරණීය දුවේ, පුතේ...


මම වයසට ගිය දවසක මම ගැන කාරුණික වෙන්න, මාව තේරුම් ගන්න උත්සාහ කරන්න.

මම කෑම කනකොට අපිරිපිදු උනොත්, මට ඇඳුම් අඳින්න අමාරු උනොත් මට කාරුණික වෙන්න, ඔයාට මතකද ඒ දවස්වල ඔයා පොඩිකාලෙ මම කොච්චර වෙලා ගතකලාද කියල ඔයාට මේ දේවල් කියල දෙන්න ?

මම එකම දේ කියනවනම් මට බදා කරන්න එපා, අහන් ඉන්න . ඔයා පොඩිකාලෙ ඔයා එකම කතාව හැමදාම කියවන්න ඇහුව ඔයාට නින්ද යනකන්ම, මම ඒක කලේ ගොඩක් ආසාවෙන්.

මම නිතර ඇඟ හෝදන්නෙ නැත්නම් තරවටු කරන්න එපා, ඒක ලැජ්ජාවක් කියන්න එපා.මතකද ඔයා කොච්චර දේවල් මට කිව්වද ඇඟ හෝදන්න බෑ කියල ?

මට අළුත් තාක්ෂණික දේවල් තේරුම් ගන්න අමාරු උනාම මට හිනාවෙන්න එපා. තේරුම් ගන්න කාලය දෙන්න. මට හෙමීට කියල දෙන්න , ඔයා වගේ නෙවෙයි , මම දැන් වයසයි.

මට සමහර වෙලාවට පරණ දේවල් අමතක උනොත් හරි කතාකරන ඒව අමතක උනොත් හරි මට වෙලාව දෙන්න, ආපහු ඒවා මතක් කරගන්න. මාත් එක්ක අමනාප වෙන්න එපා. කේන්ති ගන්න එපා මොකද මට ගොඩක්ම වටින්නෙ ඔයා එක්ක කතා කරන එක.

මම කන්න බෑ කිව්වොත් බල කරන්න එපා, මම හොඳින් දන්නව මට බඩගිනිද නැද්ද කියල.

මගේ වියපත් වූ දෙපා ඉස්සර වගේ මට ඇවිදින්න උදව් නොකරද්දි මට උදව් කරන්න; මම ඔයාගෙ අත් අල්ලන් ඔයාට පලවෙනි පියවර තියන්න උදව් කරපු විදියටම.

එක දවසක මම කියාවි මට තවත් ජීවත් වෙන්න ඕන නෑ කියල.ඒ මට ජීවත් උනා ඇති නිසා.තරහ ගන්න එපා මාත් එක්ක. මොකද යම් දවසක ඔයාටත් තේරේවි.

ඔයාට දුක් වෙන්න දෙයක් නෑ. ඔයා මගේ ලඟින් ඉන්න, මම ජීවත් උනේ මොකටද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

මට ඇවිදින්න උදව් වෙන්න, මට ආදරයෙන් සැනසිල්ලෙ ජීවිතය අවසාන කරන්න උදව් වෙන්න. මට ඔයාගෙන් ඕන එකම දේ සිනහව සහ ආදරය විතරයි.

මම ඔයාට ගොඩක් ආදරෙයි... මගේ පුතේ , දුවේ
                                                                           ඔයාගේ තාත්ත , අම්ම ..






Thursday 22 May 2014

පොදු ආරක්ෂක නීති.



කර්මාන්තශාලා තුල වැඩ කිරීමේදී පොදුවේ අනුගමනය කල යුතු නීති රීති පහත සදහන් පරිදි වේ. ලංකාව තුල මේ සම්බන්ධයෙන් එතරම් අවදානයක් යොමු නොකලද මේ පිළිබදව දැන සිටීම වැදගත් වන අතර ඔබ ආයතනයෙහිද මෙම කරනා සම්බන්දයෙන් අවධානය යොමුකරන්නේනම් සේවකයන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. 

1. නිර්දේශ අනුව සම්මත ඇඳුම්/උපකරණ භාවිතය.
2. විධිමත් ක්‍රම අනුව බර ඉසිලීම.
3. උපදෙස් සං පුවරු ගැන සෑමවිටම සැලකිලිමත් වීම.
4. මිනිසුන්,උපකරණ ,දේපල ,ද්‍රව්‍ය, ගොඩනැගිලි අවදානමට ලක් කෙරෙන කිසියම් තත්වයක් හෝ ක්‍රියාවක්       ඔබගේ ඉහල නිලදාරියට දැන්වීම.
5. විදුලි උපකරණ සහ circuit breaker සම්බන්ධව කටයුතු කල යුත්තේ අවසර ලත් අය පමණි.
6. අවදානම් හෝ LOCK OUT ලේබල නොගැලවීම,ආරක්ෂක උපකරණ හෝ උපක්‍රම ඉවත් නොකිරීම             උපකරණ/යන්ත්‍ර නඩත්තුවට හෝ අලුත්වැඩියාවට පෙර නවතා තැබීම.
7. භාවිතයට ගත නොහැකි හෝ අබලන් උපකරණ සම්බන්දව කළමණා කරනය දැනුවත් කිරීම.
8. සම්පීඩිත වායු, තමාගේ ශරීරයට හෝ අන් අයෙකුගේ ශරීරයට එල්ල නොකෙරිය යුතුය.
9. යන්ත්‍ර ක්‍රියාකරවන්නා යන්ත්‍රය වෙත රැදිය යුතුය එසේම ක්‍රියාකරවන්නාගේ අවදානයට බාධා නොකෙරිය     යුතුය.
10. කර්මාන්ත ශාලාව තුල විහිළු ක්‍රියා කිරීම සපුරා තහනම් වේ.
11. ඔබගේ උපකරණ ආරක්ෂාව සඳහා නිතරම පරීක්ෂා කල යුතුය.
12. ගිනිගන්නා සුළු ද්‍රාවන සහ ඇසිඩ් ද්‍රාවන ආරක්ෂක බඳුන්වලට දමා ලේබල් ගැසිය යුතුය.
13. භාණ්ඩ අසුරා ඇති ස්ථාන පිරිසිදුව තැබිය යුතුය, එසේම කර්මාන්ත ශාලාව පිරිසිදුව තබා ගැනීමට වගබලා      ගන්න.
14. උස් ස්ථානවල භාණ්ඩ ගබඩා කර ඇත්නම් එවැනි ස්ථාන වලින් ඈත්ව සිටින්න.

Wednesday 21 May 2014

Zeto Rule - 10

රියපදවන අතරතුර ජංගම දුරකථන හෝ වෝකිටෝකි යන්ත්‍ර භාවිතා නොකිරීම,ආසන පටි පැළඳීම සහ වේග සීමා  අනුගමණය කිරීම.
Do not use your mobile phone/walkie-talkie while driving, follow the speed limit and use your seat belt. 

දැන්නම් වාහන පදවනකොට seat belt දාගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පොලිසියෙන් අල්ලන නිසා වාහනේට නැග්ග ගමන් දාගන්නව නේද ? කොහොම හරි කමක් නෑ මේක ආරක්ෂාව සම්බන්දයෙන් ඉතාමත් වැදගත් කාරණයක්. seat belt එකෙන් අනතුරක් වලක්වා ගන්න හැකියාව නැති උනාට අනතුරක් සිදු උනොත් වෙන හානිය අවම කරගන්න පුළුවන්.

ඒ වගේම වාහන පදවද්දි දුරකථන භාවිතා කරන්න යන්න එපා. මොකද ඔබගේ අවදානය වෙන අතකට යොමුවීමෙන් අනතුරක් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ අවදානයෙන් හිටියෙ නැති උනාම ප්‍රතික්‍රියා කාලය වැඩි වෙන නිසා. ප්‍රතික්‍රියා කාලය කියන්නේ යමක් ඇසින් දැකල ඒ සදහා ප්‍රතිචාරයක් දක්වන්න ගතවන කාලය. වාහනේ පදවන ගමන් ඔබ වෙන වැඩක්‌  කරනවානම් මේ සදහා ගතවන කාලය වැඩියි. ඒ කියන්නේ අනතුරක් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.

පාරෙ යද්දී වේගසීමා දැකල ඇතිනෙ . මේවා දාල තියෙන්නෙ අපි වාහනේ වේගෙන් යනවට තියන තරහට නෙවෙයි. අපේම ආරක්ෂාවට. වාහන තදබදය, පාරේ ස්වභාවය, වෙනත් පරිසර සාධක සලකල බලල තමයි මේ වේගසීමා පනවල තියෙන්නේ. මෙමෙ සීමාවන් අනුගමනය කරනවානම් ඔබේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.


 

Tuesday 20 May 2014

Zeto Rule - 09

දුම්පානය කිරීමට වෙන් කරන ලද ස්ථානවල පමණක් දුම් පානය කිරීම සහ අවසරයකින් තොරව ජ්වලන ප්‍රභව සැකසුම් ප්‍රදේශ වලට රැගෙන නොඒම.
Do not smoke outside designated areas or bring potential ignition sources into process areas without authorization.

ඉස්සෙල්ලම කියන්න ඕන මේ නීතිය ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන පිරිපහදු වල, ඉන්ධන කැනීම් කරන ස්ථානවල එසේම ඉන්ධන ගබඩා වලය.
මෙම ස්ථාන අවට වාෂ්පශීලී ගිනිගන්නා සුළු සංයෝග තිබිය හැකි බැවින් මෙම නීතිය පනවා ඇත.

මෙවන් ස්ථානවල වැඩ කිරීමට කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

1. Hot Work එකක් පටන් ගැනීමට ප්‍රථමයෙන් gas test එකක් කිරීම සහ HOT WORK PERMIT එකක් ලබා ගැනීම .
2. එන්ජිමක් මගින් ක්‍රියාත්මක වන උපකරණ හෝ වෙනත් ජ්වලන ප්‍රබහව භාවිතා කිරීමට පෙර ද Hot work permit එකක් ලබා ගැනීම.


Sunday 18 May 2014

භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!



තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.

වෙනත් ග්‍රහලෝකයක පදිංචියට

 වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන ගවේශකයින් ආහාර සපයගන්නේ කෙසේද?


හවායි දූපතේ පිහිටි නාසා ආයතනයේ HI-SEAS පර්යේෂණාගාරය

ඉදිරි අනාගතයේදී වෙනත් ග්‍රහලෝකයක (උදා: අඟහරු ) පදිංචියට යන පෘථිවි වාසීන් කෑම සපයාගන්නේ කෙසේදැයි යන පැනය විද්‍යාත්මක පර්යේෂණ හා ගවේෂණ රාශියකට උදෘතය වී තිබෙනවා. දැනට නිර්මාණය කොට ඇති  විසඳුම්වලට අනුව වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යන්නවුන් මුලින්ම හයිඩ්‍රොෆොනික් ක්‍රමයට වගාකිරීම සිදුකරනු ඇති. හයිඩ්‍රොෆොනික් ක්‍රමය යටතේ පැල පසෙහි සිටුවීමක් සිදු නොවන අතර ඒවා ආධාරක මත රඳවා විශේෂයෙන් සකසන ලද පෝශක ද්‍රාවණයක මුල් ඇදෙන්නට සලස්වනවා. බොහෝ බෝග වර්ග මෙලෙස සාර්ථකව වගාකල හැකිබව පර්යේෂණ වලදී පෙනීගොස් තිබෙනවා.

වෙනත් ග්‍රහලෝකයකදී ආහාර සපයාගැනීම පිලිබඳව පර්යේෂණ සිදුකරන අමෙරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජීන් හන්ටර් පවසන ආකාරයට මුලින්ම ඉක්මණින් වැවෙන සලාද කොලවර්ග, කැරට්, බීට්, කොළ ගෝවා, තක්කාලි, පිපිඤ්ඤා වැනි ආහාරවර්ග මුලින්ම වගාකිරීම ආරම්භ කල යුතුයි. ඒ, එවැනි එළවළු වර්ග ඉක්මණින් වැඩී පලදාව ලබාදෙන බැවින් හා එතරම් අපහසුවකින් තොරව කුඩා ඉඩ ප්‍රමාණවල වගාකරගත හැකි බැවිනුයි. දෙවැනි පියවර ලෙස කාබෝහයිඩ්‍රේට සපයන අල, බතල හා තිරිඟු, ඉරිඟු හා ගොයම් වගාකිරීම ආරම්භ කල හැකියි. ප්‍රෝටීන බෝග (මාංශ බෝග ) වගාකිරීම තෙවන පියවර වනවා. කෙසේවෙතත් බොහෝ කාළයක් යනතුරු වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවාගන්නා පෘථිවි වැසියන්ට ශාකමය ආහාරවේලකින් (vegetarian) යැපෙන්නට සිදුවනු ඇති. ඒ වෙනත් ග්‍රහලෝකයක සත්වපාලන සිදුකිරීම පිලිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ ඉතා අවමයෙන් නිසා.

කේසේ වේතත් කොළණි වැසියනටට සත්ව ප්‍රෝටීන ලබාගැනීම සඳහා ප්‍රෝටීන අධික කෘමිසතුන් ඇතිකිරීමේ හැකියාව තිබෙන බව ඔවුන් පවසනවා. එපමණක් නොව, මෙලෙස කුඩා ඉඩ ප්‍රමාණවල බෝග වගාව ඉතා අකාර්යක්ශම අධික ශ්‍රමයක් වැයවෙන කටයුත්තක් බව පවසන මහාචාර්ය හන්ටර් කොළණි වැසියනට සිය දෛනික කාලයෙන් විශාල ප්‍රමාණයක් ආහාර නිපදවාගැනීම සඳහා වැය කරන්නට සිදුවිය හැකිබවට අණතුරු අඟවනවා. කොතරම් සාර්ථක ලෙස වගාකටයුතු සිදුකල හැකිවූවත් අඟහරු වැනි ග්‍රහයෙකු මතට ගොඩබසින ගවේශකයින් මාස 6 සිට වසරක පමණ කාළයකට සෑහෙන ආහාර රැගෙන යායුතු වනවා. නැත හොත් කලින් කලට පෘථිවියෙන් එවිය යුතු වනවා. ඒ අවශ්‍ය ගොඩනැගිලි නිර්මාණය කරගෙන වගාව ආරම්භ කිරීමට කල් ගතවන බැවිනුයි.

මේ පිලිබඳව වැඩිදුර හැදෑරීම සඳහා අපූරු පර්යේෂණයක් නාසා ආයතනය මගින් හවායි දූපතේ පිහිටවූ පර්යේෂණාගාරයක සිදුකරනු ලැබුවා. Hawaii Space Exploration Analog and Simulation (HI-SEAS) ලෙස හඳුන්වන ලද මෙය සීල් තැබූ පර්යේෂණාගාරයක්. අමෙරිකාවට අයත් හවායි දූපත් සමූහයේ විශාලතම දිවයිනේ පිහිටා ඇති මව්නා-ලෝවා ගිණිකන්දේ බෑවුමක, මුහුදු මට්ටමේ සිට අඩි 8000ක් ඉහලින් මෙම පර්යේෂණාගාරය පිහිටුවා තිබේ. මෙම ප්‍රදේශයේ භූවිශමතා අඟහරු ග්‍රහයා මත දක්නට ලැබෙන භූමි ස්වභාවයට යම් අන්දමකින් සමානවීම, මෙම ස්ථානය තෝරාගැනීමට හේතුව බව නාසා ආයතනය පවසනවා.

මෙය තුල පර්යේෂකයින් 8 දෙනෙකු දින 120ක්, බාහිර ලෝකය සමග කිසිදු සබඳතාවයකින් තොරව ජීවත් වුනා. ඔවුන් සඳහා පෙර පිසින ලද පැකට් ආහාර මෙන්ම බීජ හා හයිඩ්‍රොෆොනික් ලෙස ආහාර වගාකරගත හැකි පහසුකම් ලබාදී තිබුනා. පසුගිය 2013 අගෝස්තුවේ අවසන් වුනු මෙම පර්යේශණයේදී අනාගත වෙනත් ග්‍රහලෝකවල කොළණි පිහිටුවා ගන්නා මිනිස් ගවේෂකයින් හට උපකාරවිය හැකි දත්ත රාශියක් එක් රැස් කරගත් බව නාසා ආයතනය පවසනවා.

ආහාර වගාකිරීම, පිසීම, ඒවායේ පෝෂ්‍යගුණය, දීර්ඝ කාලීනව මෙලෙස වගාකල ආහාර මත යැපීමෙන් ශරීර සෞඛ්‍යට වන බලපෑම මෙන්ම වෙනත් ග්‍රහලෝකයක පිහිටුවාගත් ජනාවාසවල වැසිකිලි-කැසිකිලි නිර්මාණය කලයුත්තේ කෙසේද, කසළ හා මළද්‍රව්‍ය බැහැර කරන්නේ කෙසේද, ජලය සපයාගන්නේ කෙසේද යනාදී විද්‍යාත්ම ගැටලු රාශියක් මෙහිදී අධ්‍යයනය කරමින් තිබෙනවා. මෙම පර්යේෂණයේ ප්‍රථිපල තවමත් සකසා අවසන්වී නෑ. පර්යේෂකයින් 6දෙනෙකු සහිතව මෙහි දෙවැනි අදියර (HI-SEAS 2)  2014 මාර්තු 24 වැනිදා ඇරඹුනු අතර ඔවුන් දින 120ක් මෙහි ගත කරමින් පර්යේෂණ කටයුතුවල යෙදෙනු ඇත.

මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි

 මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්‍යාවට හසුවෙයි!! බටහිර විද්‍යාව බුද්ධ දේශණාවට සමපාත වෙමින් පවතී!



ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්‍රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ශක වරයායි. එමෙන්ම ඔහු  Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායකයායි.

මෙම ව්‍යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්‍යාත්මකව පර්යේශණ පවත්වයි.

හදවත නැවතී, මොළය අක්‍රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්‍යාගාරයේදී නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්‍රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ. මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්‍රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්‍යවිද්‍යාව දැරූ මතය දැන් වෙනස් වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්‍රකෘති තත්වයට පත්ව සිටින්නේය.

මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්‍රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්‍රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්‍යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්‍රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්‍රියව සිට නැවත ප්‍රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම් පිලිබඳ දත්ත ඉතා විද්‍යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව මොළය අක්‍රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්‍රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.

මොළය අක්‍රියවීමෙන් සිත මියයන්නේ නෑ...!

ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්‍රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස් සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

ඔක්සිජන් ලැබී මොළය නැවත ක්‍රියාත්මකවූ විගස මෙම විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා..

Saturday 17 May 2014

Zeto Rule - 08

Do not position yourself under suspended load.
එල්ලා ඇති භාරයක් පහල සිටීමෙන් වැළකීම.

යන්ත්‍රානුසාරයෙන් බර ඉසිලීමෙදී (දොඹකර ) එල්ලා ඇති භාරයන් පහල හෝ සමීපයෙහි නොසිටිය යුතුය. යම් හෙයකින් කාර්මික දෝෂයක් හෝ බිඳවැටීමකින් ඇතිවිය හැකි අනතුරු මේ මගින් වලක්වා ගත හැක.

බර ඉසිලීමට ප්‍රථම මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න.

1. සියළුම බර ඉසිලීමේ උපකරණ/යන්ත්‍ර පරීක්ෂාකර  සහතික කර තිබීම.
2. PTW සහ බර ඉසිලීමේ සහතිකය (Lifting certificate) ලබාගෙන තිබීම.
3. යන්ත්‍ර ක්‍රියාකරු , signal Man, බර ඉසිලීමට යොදා ගන්නා පටි,කප්පි ,කේබල් , අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් සහ සහතික කර තිබීම.
4. බර ඉසිලීමට පෙර ඉසිලුම් සැලසුමක් සකස්කිරීම.
5. බර උසුලන ප්‍රදේශය අන් අයට ඇතුළු වීමට නොහැකි වන පරිදි බාදක යෙදීම (Barricaded).


Friday 16 May 2014

Zeto Rule - 07

Obtain Authorization before excavation or entering a trench
අගලක් හෝ කානුවක් කැපීමට ප්‍රථම අනුමැතිය ලබා ගැනීම.

විශේෂයෙන්ම වැඩබිම් වලදී කැනීම් කිරීමට ප්‍රථමයෙන් අවසර ලබාගත යුත්තේ භූගත විදුලිරැහැන් සන්නිවේදනය සදහා භාවිතා කරන fiber optics, එසේම ජලනල භූගතව තිබිය හැකි බැවිනි. එසේම ඉතා ගැඹුරට කානු කැපීමේදී V හැඩයට කැපිය යුතු වන අතර ඉවත්කරන පස් අවම වශයෙන් අඩි දෙකක් පමණ දුරින් ඉවත් කල යුතුය.


ඔබට කැණීමක් කිරීමට අවැසි නම් ප්‍රථමයෙන්ම වැඩබිම් ඉංජිනේරුවරයාට දන්වා බිම් සැකැස්ම පරීක්ෂාකර පසුව PTW එකක් ලබා ගත යුතුය. 

එසේම කානුවකට ඇතුළුවීමට ප්‍රථම අවසර ලබා ගත යුතුය. මන්ද ඉතා ගැඹුරු කානුවක් නම් විෂවායු වැනි අවදානම් තිබිය හැක.විශේෂයෙන්ම යකඩ නිෂ්පාදනය කරනුලබන කර්මාන්ත ශාලා තුල මෙය ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ උණු වූ යකඩ ගමන් කරන්නේ කානු තුලින් බැවින් යම් අයෙකු අවසර නොමැතිව එයට ඇතුළු උවහොත් අත්වන ඉරණම ඉතා කනගාටු දායක බැවිණි.




Friday 9 May 2014

Zeto Rule - 06

Use the correct personal protective equipment (PPE) when handling hazardous chemicals. 
අනතුරුදායක රසායනද්‍රව්‍ය භාවිතයේදී පුද්ගල ආරක්ෂණ උපකරණ පැළඳීම.

මොනවද මේ PPE? වැඩබිමක හෝ කර්මාන්ත ශාලාවක වැඩ කිරීමේදී පුද්ගල ආරක්ෂාව සලකා පළඳිනු ලබන ආරක්ෂක උපකරණ මේ නමින් හැදින්වේ. මේ මගින් අනතුරක් සිදු උවහොත් වියහැකි හානිය වලක්වා ගැනීම හෝ හානිය අවම කර ගැනීම අපේක්ෂා කෙරේ.
උදාහරණ : අත්වැසුම්,පාවහන්, ඇස්  ආවරණ ,කන් ආවරණ , හිස්වැසුම් ,.....

මෙම PPE භාවිතා කල යුත්තේ රසායනද්‍රව්‍ය භාවිතා කරන විට පමණක් නොවේ. සෑම කාර්යයක දීම ඊට අදාල වන පරිදි PPE භාවිතා කල යුතුය.

උදාහරණ: අධික ශබ්දයක් නිපදවන විදුලි ජනක යන්ත්‍රයක් සමීපයට යාමේදී අත්ආවරණ පැළදීමෙන් පලක් නැත. එවැනි අවස්ථාවක පැළදිය යුත්තේ කන් ආවරණයකි.

රසායනද්‍රව්‍ය පරිහරණයට පෙර මේ කරනා ගැනත් සැලකිලිමත් වෙන්න .

1. ආරක්ෂක දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Safety Data Sheet)
2. රසායන දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Chemical Safety Data Sheet)
3. ද්‍රව්‍ය දත්ත පත්‍රිකාව අවබෝධ කර ගැනීම (Material Safety Data Sheet)
4. රසායනද්‍රව්‍ය පරිහරණය කිරීමේ ආරක්ෂා කාරී  පියවර සම්බන්දව සැලකිලිමත් වීම .
5. රසායනද්‍රව්‍ය පරිහරණයට පෙර ආසන්නතම ඇස් සේදීමේ ස්ථානය(eye wash) , හදිසි සේදීමේ ස්ථානය (emergency shower)සහ spill cleaning kit එක තිබෙන ස්ථානය සම්බන්දව අවබෝදයෙන් සිටීම.

Wednesday 7 May 2014

Zeto Rule - 05

protect yourself against a fall when working at height - 
ඉහල ස්ථානවල වැඩ කිරීමේදී වැටීම් වලින් ආරක්ෂා වීම 

මීටර දෙකකට වඩා ඉහල ස්ථාන වල වැඩ කරනවානම් අපි ඉහල ස්ථානයක වැඩක් කිරීමක් වශයෙන් සලකනවා. එවැනි ස්ථානයක වැඩක් ඇරබීමට පෙර මේ කරනා ගැන සැලකිලිමත් වෙන්න.

1. ඔබ (platform) වේදිකාවක් මත එම වැඩේ කරනවානම් නියමාකාර අත්වැලක් , ආවරණයක් (Guard) ඒ වගේම වේදිකාවට නැගීමට ඉනිමගක්.
2. අනුමත කරන ලද පලන්චියක් (Scaffolding) එසේම එයට වලංගු පරීක්ෂක ලේබලයක් ( valid inspection tag)
3. වැඩේ සඳහා භාවිතා කරන උපකරණ බිමට නොවැටීමට යම් උපක්‍රමයක්.
4. ඉනිමගෙහි නැගීමේදී සෑම විටම ස්ථාන තුනක් ඉනිමග සමග සම්බන්ද වීම , උදාහරණ ; අත්දෙක සහ කකුලක් .
5. full body harness එකක් ඇදගැනීම සහ එය නියමාකාරයෙන් life Line එකකට සම්බන්ද කිරීම .





Tuesday 6 May 2014

Zeto Rule - 04

Obtain authorization before confined space-
සංවෘත අවකාශයකට පිවිසීමට ප්‍රථම අවසර ලබා ගැනීම 

Confined Space එකක් කියන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක් සහිත සංවෘත අවකාශයකට. මේ අවකාශයකට ඇතුළු වීමට ඉතාමත් සීමිත ඉඩ ප්‍රමාණයක් තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. උදාහරණ : Fuel Tank, Container, ඒ වගේම ගැඹුරට හාරපු වලක් , පතලක් මේ කියන සීමිත අවකාශ ලෙස සලකන්න පුළුවන්.

ඇයි confined space එකකට  ඇතුළු වෙන එක අවදානමක් කියල සලකන්නෙ ?

මේ තුල අම්ලකර වායුව (oxygen) ඉතා අඩු ප්‍රමාණයක් තියෙන්න පුළුවන් , ඒ වගේම විෂ වායු, වහා ගිනිගන්නා සුළු වායු තියෙන්න පුළුවන්. යම් කෙනෙක් මේ වගේ අවකාශයකට පෙර විමසුමක් නැතිව ඇතුළු උනොත් විනාඩි කිහිපයකදී මරණය පවා සිදු වෙන්නත්  පුළුවන් . 

සම්මත නීති රීති වලට අනුව confined space එකකට ඇතළු  වෙන්න කලින් 

1. එම පුද්ගලයා මේ සම්බන්දව පුහුණුවක් ලබල තියෙන්න ඕන . 
2. සංවෘත අවකාශයකට ඇතුළු වීමට සුදුසු ශාරීරික තත්වයක සිටින බවට වෛද්‍ය සහතිකයක් 
3. Gass test Report - විෂ වායු හෝ ගිනිගන්නා සුළු වායු , oxygen මට්ටම දැන ගැනීමට .
4. වලංගු වැඩ අවසර පතක් .
5. ඇතුළුවන ස්ථානයේ ලියාපදිංචි වීම.
6. ඇතුළු වන පුද්ගලයා නැවත පිටතට පැමිණෙන තුරු තව අයෙකු ඇතුළු වන ස්ථානයේ රැදී සිටීම.

මේ ආකාරයෙන් අවසර ඇතිව ඇතුළු වීමට පියවර ගන්නවානම් අනතුරක් වෙන්න තියන අවදානම ඉතාම අවමයි.

කෙස් හෝ අනතුරක් උනොත් 

CALL for a rescue team immediately.
DO NOT ATTEMPT rescue unless you are trained and equipped.

 EXAMPLE FOR CONFINED SPACE


Zeto Rule - 03


Obtain authorization before Overriding or disabling safety critical equipment - 
ආරක්ෂක උපකරණ මගහැර හෝ අතික්‍රමණය කර යම් ක්‍රියාවක් කිරීමට පෙර අවසර ලබා ගැනීම.


යම් අවස්ථා වලදී ආරක්ෂක උපකරණ මග හැර ක්‍රියාකලයුතු අවස්ථා වලට මුහුණ දීමට සිදුවේ .එවන් අවස්ථා වලදී ප්‍රථමයෙන්ම ඔබ අවදානම් ඇගයුමක්  ( Risk Assessment/ Job hazard analysis ) කල යුතු අතර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුය . එසේම එම කාර්යය සඳහා වලන්ගු වැඩ අවසර පතක් ද ලබා ගත යුතුය. මීට පෙර එම අවසර පත්‍ර සම්බන්ධව විස්තර කර ඇත.

මොනවද මේ  safety critical equipment කියන්නෙ ?   
අවදානම් වලක්වා ගැනීමට හෝ යම් පද්දතියක ආරක්ෂාව සඳහා භාවිතා කරනුලබන උපකරණ මෙලෙස හැදින්වේ . උදාහරණ ; Safety interlock protective system (SIPS), Pressure reliving devices, Vacuum reliving devices, detectors, alarms, emergency release system, remote actuated emergency isolation valves,critical electrical equipment including uninterruptible power supply (UPS), turbine over speed trips, fire protection equipment and critical security devices.

අමතක කරන්න එපා , ඔබ එවැනි කටයුත්තක් කරනවානම් අහල පහල ඉන්න අයව දැනුවත් කරන්න . එමගින් අනතුරක් වෙන්න තියන අවදානම අවම වේවි.