Thursday 1 August 2013

වැඩ බිමේ දී ආරක්ෂාව - 01


ගිය පාර Post එකෙන් කිව්ව වගේ ඉස්සෙල්ලම ආරක්ෂාවෙන් පටන්ගමු. වැඩබිමකදී එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක වැඩකරද්දි පළමුවෙන්ම තමන්ගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක් අය මේ සම්බන්දයෙන් හිතන්නේ නෑ. අනතුරක් උනාට පස්සේ තමයි මතක් වෙන්නෙ.

අපි රස්සාවක් කරන්නේ හොදින් ජීවත් වෙන්න. රස්සාව කරන්න ගිහින් අනතුරක් කරගන්න එකේ තේරුමක් තියනවද ? සමහර වෙලාවට ජීවිත කාලයම ඇදකට වෙලා ඉන්න වෙන්න පුළුවන්, නැත්නම් ජිවිතේ නැතිවෙන තරම් අනතුරු වෙන්නත් පුළුවන්. අපි මේ ගැන දෙවරක් නෙවෙයි තුන්වරක් හිතන්න ඕන. බොහොමයක් වැඩබිම් හි දී අනතුරු සිදුවන්නෙ නොසැලකිලිමත්කම නිසා. මේවා බොහොමයක් වලක්වා ගත හැකි අනතුරු.

වැඩබිම්  හි දී අනතුරු වලක්වා ගැනීම සම්බන්දයෙන් වෙනමම විෂය පථයක් තිබෙනවා. ඒකට කියන්නෙ HSE කියල . Health and Safety Environment. අන්තර් ජාතික සම්මතයන්ට අනුව වැඩකරන කර්මාන්ත ශාලාවල නැත්නම් වැඩබිම්වල වැඩ කටයුතු සිදුකරන්නේ මේ HSE නීති රීති වලට අනුකුලවයි. ඔවුන් මේ නීති පනවල තියෙන්නේ වැඩකරන පුද්ගලයන්ගෙ ආරක්ෂාව තහවුරු කරන්න.

මෙම HSE නීති රීති වල අනිවාර්යෙන් අනුගමනය කලයුතු සහනයක් දිය නොහැකි නීති 10 ක් තියනවා. ඒවාට කියන්නේ Zeto Rules කියල. ( Zero Tolerance Rules).
 මීලග Post එකෙන් බලමු මොනවද මේ නීති කියල ....

2 comments: