Saturday 24 May 2014

ආදරණීය දුවේ, පුතේ...


මම වයසට ගිය දවසක මම ගැන කාරුණික වෙන්න, මාව තේරුම් ගන්න උත්සාහ කරන්න.

මම කෑම කනකොට අපිරිපිදු උනොත්, මට ඇඳුම් අඳින්න අමාරු උනොත් මට කාරුණික වෙන්න, ඔයාට මතකද ඒ දවස්වල ඔයා පොඩිකාලෙ මම කොච්චර වෙලා ගතකලාද කියල ඔයාට මේ දේවල් කියල දෙන්න ?

මම එකම දේ කියනවනම් මට බදා කරන්න එපා, අහන් ඉන්න . ඔයා පොඩිකාලෙ ඔයා එකම කතාව හැමදාම කියවන්න ඇහුව ඔයාට නින්ද යනකන්ම, මම ඒක කලේ ගොඩක් ආසාවෙන්.

මම නිතර ඇඟ හෝදන්නෙ නැත්නම් තරවටු කරන්න එපා, ඒක ලැජ්ජාවක් කියන්න එපා.මතකද ඔයා කොච්චර දේවල් මට කිව්වද ඇඟ හෝදන්න බෑ කියල ?

මට අළුත් තාක්ෂණික දේවල් තේරුම් ගන්න අමාරු උනාම මට හිනාවෙන්න එපා. තේරුම් ගන්න කාලය දෙන්න. මට හෙමීට කියල දෙන්න , ඔයා වගේ නෙවෙයි , මම දැන් වයසයි.

මට සමහර වෙලාවට පරණ දේවල් අමතක උනොත් හරි කතාකරන ඒව අමතක උනොත් හරි මට වෙලාව දෙන්න, ආපහු ඒවා මතක් කරගන්න. මාත් එක්ක අමනාප වෙන්න එපා. කේන්ති ගන්න එපා මොකද මට ගොඩක්ම වටින්නෙ ඔයා එක්ක කතා කරන එක.

මම කන්න බෑ කිව්වොත් බල කරන්න එපා, මම හොඳින් දන්නව මට බඩගිනිද නැද්ද කියල.

මගේ වියපත් වූ දෙපා ඉස්සර වගේ මට ඇවිදින්න උදව් නොකරද්දි මට උදව් කරන්න; මම ඔයාගෙ අත් අල්ලන් ඔයාට පලවෙනි පියවර තියන්න උදව් කරපු විදියටම.

එක දවසක මම කියාවි මට තවත් ජීවත් වෙන්න ඕන නෑ කියල.ඒ මට ජීවත් උනා ඇති නිසා.තරහ ගන්න එපා මාත් එක්ක. මොකද යම් දවසක ඔයාටත් තේරේවි.

ඔයාට දුක් වෙන්න දෙයක් නෑ. ඔයා මගේ ලඟින් ඉන්න, මම ජීවත් උනේ මොකටද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

මට ඇවිදින්න උදව් වෙන්න, මට ආදරයෙන් සැනසිල්ලෙ ජීවිතය අවසාන කරන්න උදව් වෙන්න. මට ඔයාගෙන් ඕන එකම දේ සිනහව සහ ආදරය විතරයි.

මම ඔයාට ගොඩක් ආදරෙයි... මගේ පුතේ , දුවේ
                                                                           ඔයාගේ තාත්ත , අම්ම ..






No comments:

Post a Comment