Saturday 31 May 2014

නඩත්තු කළමණා කරණය - 02

| නඩත්තු ක්‍රමෝපායන් | MAINTENANCE STRATEGIES |

නඩත්තු ක්‍රමෝපායක් යනු ක්‍රමවත් නඩත්තු කිරීමේ පටිපාටියයි.පොදුවේ භාවිතා කරන මෙවැනි නඩත්තු කිරීමේ පටිපාටි පහත දැක්වේ.

බිඳ වැටීම් / සැලසුම් නොකළ නඩත්තු. 
(  Breakdown Maintenance or Operate to Failure or Unplanned Maintenance )
මෙහිදී යම් යන්ත්‍රයක් බිඳවැටෙන තෙක්ම ක්‍රියාකිරීමට ඉඩ හරින අතර  බිඳවැටීමෙන් පසු අලුත් වැඩියා කර නැවත මෙහෙයුම් සඳහා යොදාගනු ලැබේ.මෙම ක්‍රමෝපාය සුදුසු වන්නේ එතරම් වැදගත්කමක් නොමැති බිඳ වැටුනහොත් බරපතල ගැටළුවක් නොවන හෝ අමතර යන්ත්‍ර ඇති ( Spare machine) යාන්ත්‍රණ පද්ධති සඳහාය.එසේම යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකදී සිදුකරනු ලබන අළුත් වැඩියාවන් ද මේ ගනයට අයත් වේ .


නිවාරක / චක්‍රානුකූල නඩත්තු. 
Preventive or Scheduled Maintenance )
මෙහිදී නියමිත කාල ප්‍රාන්තර තුලදී යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීම,අවශ්‍ය කොටස් ස්නේහනය(lubrication) ,පිරිසිදු කිරීම ,සීරු මාරු කිරීම (adjustment) සහ ගෙවීගිය කොටස් වෙනුවට නව කොටස් සවිකිරීම සිදුකරනු ලබයි. මේ ආකාරයෙන් සිදු කරන නඩත්තු වලින් යන්ත්‍ර වල දිගුකල් පැවැත්ම ,හදිසි බිඳ වැටීම් අවම කිරීම ,අනතුරු අවම කිරීම අපේක්ෂා කෙරේ.

කලින් සැලසුම් කරන ලද හෝ තත්වානුකූල නඩත්තු. 
Predictive or Condition Based Maintenance )
ඉතා ඉහල වැදගත්කමකින් යුතු බිඳ වැටීම් වලට ඉඩදිය නොහැකි පද්දති සඳහා මෙම ක්‍රමෝපාය අනුගමනය කරයි. බොහෝවිට මෙවැනි නඩත්තු සිදුකරන්නේ තත්ව පරීක්ෂාවකින් අනතුරුවයි, මෙහිදී කම්පන මට්ටම(vibration), උෂ්ණත්වය, ස්නේහන තෙල් විශ්ලේෂණ(oil analysis) සහ තවත්  අමතර කාරණා සැලකිල්ලට ගනු ලැබේ. මෙවැනි නඩත්තු සැලසුම් කිරීමට පෙර යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ගෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරී මට්ටම ගැන අවබෝධයක් ද ලබාගත හැකිය.

අවස්ථාවක් ලද විට සිදුකරන නඩත්තු.
(Opportunity Maintenance)
යම් යන්ත්‍රයක් වෙනත් කටයුත්තක් සඳහා ක්‍රියා විරහිත කල අවස්ථාවකදී සිදුකරන
නඩත්තු මෙලෙස හැඳින්වේ.

සැලසුම් නිවැරදි කිරීමේ නඩත්තු.
Design out Maintenance)
මෙය ඉලක්ක ගත වන්නේ බිඳවැටීම් අවම කිරීමට සහ සැලසුමේ යම් දෝෂයක් ඇත්නම් එය නිවැරදි කිරීමටය. සැලසුමේ ඇති දෝෂ නිවැරදි කිරීමෙන් නඩත්තු වියදම් අවම කර ගැනීම මෙහි තවත් අරමුණකි.


No comments:

Post a Comment