Friday 20 May 2016

ගින්නක් නිවන්න fire hose reel එකක් භාවිතා ක‍රන්න

කාලෙකට පස්සෙ අලුත් POST එකක් දාන්න හිතුන. ගින්නක් ඇතිවුනොත් මොකද කරන්නෙ? ගෙදරදිනම් වතුර බාල්දියකින් වතුර දානවා . එත් හොඳින් ආරක්ෂාව ගැන හිතන ආයතනවල විශේෂ උපකරණ මේ සඳහා පිහිටුවා තිබෙනවා. ඒවගෙන් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?
ලින්ක් එක දිගේ ගිහින් බලන්න. 
Blogger Widgets

Sunday 1 June 2014

නඩත්තු කළමණා කරණය - 03

නඩත්තු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය | FUNCTIONS OF A MAINTENANCE DEPARTMENT |

ඔයාල දන්නවනෙ ඕනම ආයතනයක වැඩ කටයුතු විවිධ දෙපාර්තමේන්තු යටතට බෙදල තියනව කියල. ඒවගෙන් නඩත්තු දෙපාර්තමේන්තුව ගැන තමයි කතා කරන්න යන්නෙ. වචනෙන්ම තේරෙනවනෙ මේකෙන් මොකද්ද කරන්නෙ කියල. කැඩිච්ච බිඳිච්ච ඒවා හදන එක විතරක් නෙවෙයි තව වැඩ ගොඩක් මේකෙන් කරනව. 

එහෙනම් බලමු මොනවද නඩත්තු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වැඩ කියල.

1. ස්ථාපනය කරන ලද සියලුම උපකරණ සහ පහසුකම් නඩත්තු කිරීම. (Maintenance of installed equipment and facilities) - උපකරණ කියන එකනම් දන්නවනෙ . පහසුකම් කියන්නෙ ක්‍රීඩාගාර , නිදන කාමර , කාර්යාල,ආපන ශාලා වගේ ඒවට.

2. නව උපකරණ සහ පහසුකම් ස්ථාපනය කිරීම. (Installations of new equipment and facilities)

3. නිවාරක / චක්‍රානුකූල නඩත්තු - උපකරණ පරීක්ෂා කිරීම සහ ස්නේහනය කිරීම ආදිය.

4. තත්වානුකූල නඩත්තු - දෝෂ සහ බිඳවැටීම් නිසි ශිල්ප ක්‍රම භාවිතයෙන් හඳුනාගෙන අදාල නඩත්තු සිදු කිරීම.

5. ස්ථාපිත උපකරණ හෝ පහසුකම්වල අවශ්‍ය නව වෙනස්කම් සිදු කිරීම.(Modifications of already installed equipment and facilities)

6. භාණ්ඩ ලේඛන කළමනා කරණය. - මෙහිදී අමතර කොටස් , උපකරණ ,මෙවලම් යන සියළු දේ සම්බන්ධව අදාල ලේඛන පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.

7. වැඩකරුවන් අදීක්ෂණය  - මෙමගින් අදහස් වන්නේ නඩත්තු දෙපාර්තමේන්තුවට  අදාල අයගේ කාර්යයන් සම්බන්ධයෙන් අදීක්ෂණය පමණි.

8. වාර්තා තබා ගැනීම - නඩත්තු කල උපකරණ සම්බන්දව වාර්තා , යොදාගත් අමතර කොටස් ,සිදුකල අලුත් වැඩියාව , එය සිදුකල අයගේ සටහන් යනාදී සියල්ල මීට අදාල වේ .
 
 

 

Saturday 31 May 2014

නඩත්තු කළමණා කරණය - 02

| නඩත්තු ක්‍රමෝපායන් | MAINTENANCE STRATEGIES |

නඩත්තු ක්‍රමෝපායක් යනු ක්‍රමවත් නඩත්තු කිරීමේ පටිපාටියයි.පොදුවේ භාවිතා කරන මෙවැනි නඩත්තු කිරීමේ පටිපාටි පහත දැක්වේ.

බිඳ වැටීම් / සැලසුම් නොකළ නඩත්තු. 
(  Breakdown Maintenance or Operate to Failure or Unplanned Maintenance )
මෙහිදී යම් යන්ත්‍රයක් බිඳවැටෙන තෙක්ම ක්‍රියාකිරීමට ඉඩ හරින අතර  බිඳවැටීමෙන් පසු අලුත් වැඩියා කර නැවත මෙහෙයුම් සඳහා යොදාගනු ලැබේ.මෙම ක්‍රමෝපාය සුදුසු වන්නේ එතරම් වැදගත්කමක් නොමැති බිඳ වැටුනහොත් බරපතල ගැටළුවක් නොවන හෝ අමතර යන්ත්‍ර ඇති ( Spare machine) යාන්ත්‍රණ පද්ධති සඳහාය.එසේම යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකදී සිදුකරනු ලබන අළුත් වැඩියාවන් ද මේ ගනයට අයත් වේ .


නිවාරක / චක්‍රානුකූල නඩත්තු. 
Preventive or Scheduled Maintenance )
මෙහිදී නියමිත කාල ප්‍රාන්තර තුලදී යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීම,අවශ්‍ය කොටස් ස්නේහනය(lubrication) ,පිරිසිදු කිරීම ,සීරු මාරු කිරීම (adjustment) සහ ගෙවීගිය කොටස් වෙනුවට නව කොටස් සවිකිරීම සිදුකරනු ලබයි. මේ ආකාරයෙන් සිදු කරන නඩත්තු වලින් යන්ත්‍ර වල දිගුකල් පැවැත්ම ,හදිසි බිඳ වැටීම් අවම කිරීම ,අනතුරු අවම කිරීම අපේක්ෂා කෙරේ.

කලින් සැලසුම් කරන ලද හෝ තත්වානුකූල නඩත්තු. 
Predictive or Condition Based Maintenance )
ඉතා ඉහල වැදගත්කමකින් යුතු බිඳ වැටීම් වලට ඉඩදිය නොහැකි පද්දති සඳහා මෙම ක්‍රමෝපාය අනුගමනය කරයි. බොහෝවිට මෙවැනි නඩත්තු සිදුකරන්නේ තත්ව පරීක්ෂාවකින් අනතුරුවයි, මෙහිදී කම්පන මට්ටම(vibration), උෂ්ණත්වය, ස්නේහන තෙල් විශ්ලේෂණ(oil analysis) සහ තවත්  අමතර කාරණා සැලකිල්ලට ගනු ලැබේ. මෙවැනි නඩත්තු සැලසුම් කිරීමට පෙර යන්ත්‍ර ක්‍රියාකරවන්නන් ගෙන් යන්ත්‍රයේ ක්‍රියාකාරී මට්ටම ගැන අවබෝධයක් ද ලබාගත හැකිය.

අවස්ථාවක් ලද විට සිදුකරන නඩත්තු.
(Opportunity Maintenance)
යම් යන්ත්‍රයක් වෙනත් කටයුත්තක් සඳහා ක්‍රියා විරහිත කල අවස්ථාවකදී සිදුකරන
නඩත්තු මෙලෙස හැඳින්වේ.

සැලසුම් නිවැරදි කිරීමේ නඩත්තු.
Design out Maintenance)
මෙය ඉලක්ක ගත වන්නේ බිඳවැටීම් අවම කිරීමට සහ සැලසුමේ යම් දෝෂයක් ඇත්නම් එය නිවැරදි කිරීමටය. සැලසුමේ ඇති දෝෂ නිවැරදි කිරීමෙන් නඩත්තු වියදම් අවම කර ගැනීම මෙහි තවත් අරමුණකි.


Tuesday 27 May 2014

නඩත්තු කළමණා කරණය.

හැඳින්වීම 

''නඩත්තු'' යන වදනෙන් විග්‍රහ වන්නේ යන්ත්‍රසුත්‍ර මෙහෙයුම් තත්වයේ පවත්වාගෙන යාම හෝ මෙහෙයුම් තත්වයට ගෙන ඒම සඳහා අදාල අළුත් වැඩියාවන් සිදුකිරීමයි. නඩත්තු කෙරීමෙහි මුලික පරමාර්ථය වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යන්ත්‍ර වල උපයෝගී තාවය (availability) ඉහල නැංවීම, ආරක්ෂාව තහවුරු කිරීම සහ වියදම අවම කිරීමයි.
කාර්මික විප්ලවය ඇරඹීමත් සමගම කර්මාන්ත ශාලා විශාල වශයෙන් බිහිවිය, එසේම එම කර්මාන්ත ශාලා තුල බහුල වශයෙන් කාර්මික යන්ත්‍ර භාවිතයට ගන්නා ලදී. මෙසේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යන්ත්‍ර යොදා ගැනීමේදී ඒවා නඩත්තු කිරීමට අලුත් වැඩියා කිරීමට සිදු වූ අතර එවන් අවස්ථා වලදී නිශ්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය පහත වැටින. මෙම තත්වය මග හරවා නිෂ්පාදන ක්‍රියාවලියෙහි කාර්යක්ෂමතාවය එලෙසම පවත්වාගෙන යාම පිළිබඳව කතිකාවතක් ඇතිවූ අතර එහි ප්‍රථිපලයක් ලෙස නඩත්තු කළමණා කරණය යන විෂය කරලියට පැමිණෙන ලදී. 

නඩත්තු කළමණා කරණය විශාල විෂය පථයක් වන අතර මෙහිදී ගෙන ඒමට බලා  පොරොත්තු වන්නේ වැදගත් කාරනා කිහිපයක් පමණි.

1. නඩත්තු ක්‍රමෝපායන්.
2. නඩත්තු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය.
3. නඩත්තු සංවිධානය.
4. නඩත්තු කළමණා කරණයේ මුලිකාංග.

ඉහත දැක්වෙන කරුණු සම්බන්දයෙන් වෙන් වෙන්ව ඉදිරි Post වලින් සලකා බලමු .....

Saturday 24 May 2014

ආදරණීය දුවේ, පුතේ...


මම වයසට ගිය දවසක මම ගැන කාරුණික වෙන්න, මාව තේරුම් ගන්න උත්සාහ කරන්න.

මම කෑම කනකොට අපිරිපිදු උනොත්, මට ඇඳුම් අඳින්න අමාරු උනොත් මට කාරුණික වෙන්න, ඔයාට මතකද ඒ දවස්වල ඔයා පොඩිකාලෙ මම කොච්චර වෙලා ගතකලාද කියල ඔයාට මේ දේවල් කියල දෙන්න ?

මම එකම දේ කියනවනම් මට බදා කරන්න එපා, අහන් ඉන්න . ඔයා පොඩිකාලෙ ඔයා එකම කතාව හැමදාම කියවන්න ඇහුව ඔයාට නින්ද යනකන්ම, මම ඒක කලේ ගොඩක් ආසාවෙන්.

මම නිතර ඇඟ හෝදන්නෙ නැත්නම් තරවටු කරන්න එපා, ඒක ලැජ්ජාවක් කියන්න එපා.මතකද ඔයා කොච්චර දේවල් මට කිව්වද ඇඟ හෝදන්න බෑ කියල ?

මට අළුත් තාක්ෂණික දේවල් තේරුම් ගන්න අමාරු උනාම මට හිනාවෙන්න එපා. තේරුම් ගන්න කාලය දෙන්න. මට හෙමීට කියල දෙන්න , ඔයා වගේ නෙවෙයි , මම දැන් වයසයි.

මට සමහර වෙලාවට පරණ දේවල් අමතක උනොත් හරි කතාකරන ඒව අමතක උනොත් හරි මට වෙලාව දෙන්න, ආපහු ඒවා මතක් කරගන්න. මාත් එක්ක අමනාප වෙන්න එපා. කේන්ති ගන්න එපා මොකද මට ගොඩක්ම වටින්නෙ ඔයා එක්ක කතා කරන එක.

මම කන්න බෑ කිව්වොත් බල කරන්න එපා, මම හොඳින් දන්නව මට බඩගිනිද නැද්ද කියල.

මගේ වියපත් වූ දෙපා ඉස්සර වගේ මට ඇවිදින්න උදව් නොකරද්දි මට උදව් කරන්න; මම ඔයාගෙ අත් අල්ලන් ඔයාට පලවෙනි පියවර තියන්න උදව් කරපු විදියටම.

එක දවසක මම කියාවි මට තවත් ජීවත් වෙන්න ඕන නෑ කියල.ඒ මට ජීවත් උනා ඇති නිසා.තරහ ගන්න එපා මාත් එක්ක. මොකද යම් දවසක ඔයාටත් තේරේවි.

ඔයාට දුක් වෙන්න දෙයක් නෑ. ඔයා මගේ ලඟින් ඉන්න, මම ජීවත් උනේ මොකටද කියල තේරුම් ගන්න උත්සහ කරන්න.

මට ඇවිදින්න උදව් වෙන්න, මට ආදරයෙන් සැනසිල්ලෙ ජීවිතය අවසාන කරන්න උදව් වෙන්න. මට ඔයාගෙන් ඕන එකම දේ සිනහව සහ ආදරය විතරයි.

මම ඔයාට ගොඩක් ආදරෙයි... මගේ පුතේ , දුවේ
                                                                           ඔයාගේ තාත්ත , අම්ම ..






Thursday 22 May 2014

පොදු ආරක්ෂක නීති.



කර්මාන්තශාලා තුල වැඩ කිරීමේදී පොදුවේ අනුගමනය කල යුතු නීති රීති පහත සදහන් පරිදි වේ. ලංකාව තුල මේ සම්බන්ධයෙන් එතරම් අවදානයක් යොමු නොකලද මේ පිළිබදව දැන සිටීම වැදගත් වන අතර ඔබ ආයතනයෙහිද මෙම කරනා සම්බන්දයෙන් අවධානය යොමුකරන්නේනම් සේවකයන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. 

1. නිර්දේශ අනුව සම්මත ඇඳුම්/උපකරණ භාවිතය.
2. විධිමත් ක්‍රම අනුව බර ඉසිලීම.
3. උපදෙස් සං පුවරු ගැන සෑමවිටම සැලකිලිමත් වීම.
4. මිනිසුන්,උපකරණ ,දේපල ,ද්‍රව්‍ය, ගොඩනැගිලි අවදානමට ලක් කෙරෙන කිසියම් තත්වයක් හෝ ක්‍රියාවක්       ඔබගේ ඉහල නිලදාරියට දැන්වීම.
5. විදුලි උපකරණ සහ circuit breaker සම්බන්ධව කටයුතු කල යුත්තේ අවසර ලත් අය පමණි.
6. අවදානම් හෝ LOCK OUT ලේබල නොගැලවීම,ආරක්ෂක උපකරණ හෝ උපක්‍රම ඉවත් නොකිරීම             උපකරණ/යන්ත්‍ර නඩත්තුවට හෝ අලුත්වැඩියාවට පෙර නවතා තැබීම.
7. භාවිතයට ගත නොහැකි හෝ අබලන් උපකරණ සම්බන්දව කළමණා කරනය දැනුවත් කිරීම.
8. සම්පීඩිත වායු, තමාගේ ශරීරයට හෝ අන් අයෙකුගේ ශරීරයට එල්ල නොකෙරිය යුතුය.
9. යන්ත්‍ර ක්‍රියාකරවන්නා යන්ත්‍රය වෙත රැදිය යුතුය එසේම ක්‍රියාකරවන්නාගේ අවදානයට බාධා නොකෙරිය     යුතුය.
10. කර්මාන්ත ශාලාව තුල විහිළු ක්‍රියා කිරීම සපුරා තහනම් වේ.
11. ඔබගේ උපකරණ ආරක්ෂාව සඳහා නිතරම පරීක්ෂා කල යුතුය.
12. ගිනිගන්නා සුළු ද්‍රාවන සහ ඇසිඩ් ද්‍රාවන ආරක්ෂක බඳුන්වලට දමා ලේබල් ගැසිය යුතුය.
13. භාණ්ඩ අසුරා ඇති ස්ථාන පිරිසිදුව තැබිය යුතුය, එසේම කර්මාන්ත ශාලාව පිරිසිදුව තබා ගැනීමට වගබලා      ගන්න.
14. උස් ස්ථානවල භාණ්ඩ ගබඩා කර ඇත්නම් එවැනි ස්ථාන වලින් ඈත්ව සිටින්න.

Wednesday 21 May 2014

Zeto Rule - 10

රියපදවන අතරතුර ජංගම දුරකථන හෝ වෝකිටෝකි යන්ත්‍ර භාවිතා නොකිරීම,ආසන පටි පැළඳීම සහ වේග සීමා  අනුගමණය කිරීම.
Do not use your mobile phone/walkie-talkie while driving, follow the speed limit and use your seat belt. 

දැන්නම් වාහන පදවනකොට seat belt දාගන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. පොලිසියෙන් අල්ලන නිසා වාහනේට නැග්ග ගමන් දාගන්නව නේද ? කොහොම හරි කමක් නෑ මේක ආරක්ෂාව සම්බන්දයෙන් ඉතාමත් වැදගත් කාරණයක්. seat belt එකෙන් අනතුරක් වලක්වා ගන්න හැකියාව නැති උනාට අනතුරක් සිදු උනොත් වෙන හානිය අවම කරගන්න පුළුවන්.

ඒ වගේම වාහන පදවද්දි දුරකථන භාවිතා කරන්න යන්න එපා. මොකද ඔබගේ අවදානය වෙන අතකට යොමුවීමෙන් අනතුරක් වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ අවදානයෙන් හිටියෙ නැති උනාම ප්‍රතික්‍රියා කාලය වැඩි වෙන නිසා. ප්‍රතික්‍රියා කාලය කියන්නේ යමක් ඇසින් දැකල ඒ සදහා ප්‍රතිචාරයක් දක්වන්න ගතවන කාලය. වාහනේ පදවන ගමන් ඔබ වෙන වැඩක්‌  කරනවානම් මේ සදහා ගතවන කාලය වැඩියි. ඒ කියන්නේ අනතුරක් වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.

පාරෙ යද්දී වේගසීමා දැකල ඇතිනෙ . මේවා දාල තියෙන්නෙ අපි වාහනේ වේගෙන් යනවට තියන තරහට නෙවෙයි. අපේම ආරක්ෂාවට. වාහන තදබදය, පාරේ ස්වභාවය, වෙනත් පරිසර සාධක සලකල බලල තමයි මේ වේගසීමා පනවල තියෙන්නේ. මෙමෙ සීමාවන් අනුගමනය කරනවානම් ඔබේ ආරක්ෂාවට ගොඩක් වැදගත්.